අයි ඩී - I.D | egenumabooks.lk

අයි ඩී – I.D

Weight 0.3 kg
Author

Publisher

Pages

303

SKU: B212
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඊයේ රෑ කියවීමට පටන්ගත් මොහාන් රාජ් මඩවලගේ හයවැනි නවකතාව වන “I. D.” අද දින පාන්දර කියවා අවසන් කලෙමි. සුපුරුදු පරිදි අතිශෝක්තිය හා කවදාවත් සිදුවිය නොහැකි සිද්ධීන් පාදක කරගනිමින් ලියැවී ඇති මෙම නවකතාව ඉතා ම රසවත් එකක් වන අතර එය නවතම ආරකින් ඉදිරිපත් කිරීමට මොහාන් සමත්වී ඇත. ඇත්තට ම එක හුස්මට කියවිය හැකි ආකාරයේ කතා ලිවීමට මොහාන් අති දක්ෂයෙකි. ඔහුට හොඳින් හා රසවත්ව ලියන්නට පුළුවන් බව මේ නවකතාව ද සාක්ෂි දරයි.

සම්පත් නම් අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන ඔහුගේ දෙමව්පියන් හා ප්‍රේමවන්තියන් (?) පාදක කරගනිමින් මෙම කතාව ලියැවී ඇත. ඔහුගේ විවිධ අනන්‍යතා කිහිපයක් පාදක කරගෙන මෙය රසවත් කර ඇත. විශේෂයෙන් ම නවකතාවේ අවසානය ඉතා රසවත් ය. එබැවින් ඔබ විසින් කියවිය යුතු නවකතාවක් ලෙස මෙය නම් කල හැකි ය.

අවසාන වරට මා පොත් ගොන්නක් මිලදී ගත්තේ 2019 වසරේ සැප්තැම්බරයේ පැවැත්වුණු BMICH පොත් ප්‍රදර්ශනයෙනි. නමුත් ඒවා කියවීමට ඕනෑම තරම් කාලය ලද්දේ කොවිඩ් 19 වසංගතය නිසා ගෙදරට වී ඉඳීමට සිදුවූ නිසා ය. ඒවා අතර ස්වර්ණ පුස්තක දෙවැනි වටයේ පොත් ඇතුළු බොහෝ නවකතා කියවීම ආරම්භකර ඒවා පිටු 50 ක් 100 ක් පමණ කියවා අතර මඟ නතරකරන ලදී. මක්නිසාදයත්, ඒ බොහෝ නවකතා මහාචාර්ය සුචරිත ගම්ලතුන් (සෙන්කොට්ටං නවකතාවේ පසුවදනේ) පවසන පරිදි ම නිසරු පල්හෑලි ය. ඒ බොහෝ කතා නිර්මාණශීලී නැත. ලියන්න දන්නා නිසා ලියා ඇති ඒවා පමණක් ම වේ. ඒවා ලියන අයගේ මොලයේ ඇති මහා විකාරරූපී අදහස් හා තම පොත විකුණා මුදල් ඉපැයීම උදෙසා ලියා ඇති නීරස පතාංග සුරංගනා කතා අපගේ ජීවිතයේ සැලකිය යුතු කාලයක් වැයකොට කියවීම ඉතා ම අමන හා මෝඩ වැඩක් බව දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිමි. අප රටේ බොහෝ මුදලාලී ප්‍රකාශකයින් තම ලාබය ඉපැයීම උදෙසා ප්‍රකාශකොට ඇති එම පොත් අධික මුදලකට අප විසින් මිලදීගෙන ඔවුන්ව පොහොසතුන් කොට අපගේ ජීවිතයේ වටිනා කාලය වැයකොට පටු අරමුණු සහිත රචකයින්ගේ පිස්සු අදහස් වලින් අපගේ ඔලුව පුරවා ගැනීම ඉතා ම මෝඩ ක්‍රියාවකි. ඒ අය ලියන පිස්සු අදහස් අප කියවිය යුත්තේ ඇයි ? ඒ අයට ඒවා ලියන්න අයිතියක් ඇත්තාසේ ම අපට ඒවා කොහෙත් ම නොකියවීමට ද ඊට වැඩි අයිතියක් ඇත.

ඒ අතින් බලන කල මොහාන් රාජ් මඩවලගේ නවකතා ද පල්හෑලි වන නමුත් ඒවා නිර්මාණාත්මක හා රසවත් පල්හෑලි ය.

© ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ,
භෞතික විද්‍යා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

303

Reviews

There are no reviews yet.

Be the first to review “අයි ඩී – I.D”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

ලොවීනා - Loveena

1 × රු1,405.00

Subtotal: රු1,405.00

View cartCheckout