මාගම් සෝලිය – Magam Soliya | egenumabooks.lk

මාගම් සෝලිය – Magam Soliya

Weight 0.34 kg
Author

Publisher

Pages

323

SKU: B211

රු1,650.00 රු1,405.00

In Stock

මාගම් සෝලිය – Magam Soliya by Mohan Raj Madawala

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සිංහල අපේ පැරණිකමට උර්නපූර්නයක් තබමින් මෙම නවකතාව පැරණි වැඩවසම් ගමක දරිද්‍රතාව නිසාවෙන් හෙම්බත් වු මිනිසුන්ගේ දුක්ක දෝමනස්සයන්, සිතුම් පැතුම් අපගේ ජිවිතය හමුවේ හුවා දැක්විමට මඩවල මහතා සාර්ථක ප්‍රයත්නයක් දරා ඇත.

එමෙන්ම පාඨකයන්ගේ ඉනෙන් පහල හිරිවට්ටන ලද වු මාගම් සෝලිය මතු කොට දක්වා ඇති ලිංගිකත්වය කතාව පුරාවටම විහිදි ඇති අතර නවකතාව උඩින් පල්ලෙන් කියවා දමන පාඨකයෙකු හට මෙමය හුදෙක් ලිංගිකත්වය හා ලිංගික ආසාවන් හැගවිමට කරවු බවක් සිතෙනු නොවනුමානය. නමුත් පැරණි සංස්කෘතින් සාධාචාරයන් ගැන දත් අයෙකු නැතහොත් ඒ ගැන සෙවිමට උනන්දුවක් දක්වන්නෙකු හට මාගම් සෝලිය කියවන්න ගමන් මනසින් උසස් රසවින්දනයක යෙදිමට අමතක වන්නෙ ද නැත. මඩවල මහතාගෙ වචන චිත්ත රූප මවාලිමට සමත්කම් උසුලන්නිය..එමෙන්ම බැලුබැල්මට රමණය හේතුඵල කරගත්තා වු කතාවක් වුත් එත් සැබැවින්ම මෙකි නවකතාව ලිංගිකත්වය ට වැඩි නැඹුරක් එක්ක වුත්.. ඉන් ඔබ්බට ගිය ඉතා සාර්ථක නිර්මාණයක් වඟ පැහැදිලි ය.

එකි කතාව පුරාවටම ඇස් අදහා ගත නොහි සිදුවිම් සමුදායක් ගෙන හැර පායි..
“කන්‍යාවක් ගැබ් ගැනීම,කෙනෙක්ට දේහ අභ්‍යන්තර පියවි ඇසින් දැක ගන්න පුලුවන් වීම,කෝමා තත්වයක ඉන්න කෙනෙක් අවුරුදු ගානක් මොකුත්ම කෑමක් බීමක් නැතිව වර්ධනය වීම,ජීවමාන කෙනෙගේ අවතාරය වෙන කෙනෙක්ට ආවේස වීම,තමන්ගෙ නොවන දරුවෙකුට තම තනපිඩුවලින් වින්දඹු ස්ත්‍රියට කිරි එරිම, තන කිරි බෙහෙතක් ලෙස යො⁣දාගෙන පුරුෂ ශක්තිය විශාල කර විම.පුංචිරාළ තම මල්වර වු දියණිය වල්ලි අඹුකමට තම හේන් පැලට ගෙන යාම. හා තම දියණියගෙ සාරාගී බවට වශිකෘත විම.,ගෝමරි සුදු බණ්ඩා (ඇබිත්ත උන්වහන්සේ ) දාව දරුවෙකු බිහි කිරිම (බිංදු)” මෙවැනි වු සිදුවිම් ගනාවක් ⁣කතාව පුරාවටම ගාලා යන්නෙ කතාව කෙරේ සිත් ඇදබැද තබා ගැනිමට මහත් සමත් කම් පාමිනි.

මෙකි සිදුවිම් සම්මතෙන් ද අසම්මතෙන්ද යන වඟ කිම අපහසුය.. වෙස්සන්තර – මන්ත්‍රි දේවි සම්මත ආදර කතා සේම සිංහබාහු සිංහ සිවලි යන සහොදර සහෝදරියන්ගෙ අසම්මත ආදරකතා ද අතිතයෙ සිට පැවත එන්නකි.මාගම් සෝලිය ද එවැන්නකි කාමයත් රාගයත් ප්‍රධාන කොට ගත් මෙකි පුවත් සමබර කරමින් සිත් ඇඳගන්නා අයුරින් කිමට කතුවරයා සමත් ව ඇත.

සිත් ගත් තැන්-: සුදු බණ්ඩා තැතොත් ඇබිත්ත උන්වහන්සේ නිවසෙ සිට පන්සලට පැමින ජිවිතය අත්හල අවස්ථාව තෙක් සිදු වු සියලුම සිදුවිම් .අදහාගත නොහි මහත් ආස්වාදයක් මසිත තුල ජනිත කරවිමට සමත් කම් දැක්විය.

– චතුෂ්කා වැලිකන්දගේ – ( 23/06/2022 )

Additional information

Weight 0.34 kg
Author

Publisher

Pages

323

Reviews

There are no reviews yet.

Be the first to review “මාගම් සෝලිය – Magam Soliya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Mohan Raj Madawala Book Pack

1 × රු9,600.00

Subtotal: රු9,600.00

View cartCheckout