පතොක් මලක් - Pathok Malak | egenumabooks.lk

පතොක් මලක් – Pathok Malak

Weight 0.35 kg
Author

Publisher

Pages

284

SKU: B164
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?” අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය.

“කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ.මුල ඉදන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.

“මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ.ඔයා මුල ඉදන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් ප්‍රශ්නයක් නෙවෙයි.”

“එහෙනම් මෙහෙමවත් පටන් ගමුකෝ නංගි.මේක නංගිට මතකද දන්නේ නැහැ,මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉදන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා.එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ මම ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ.ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා.”

“මොකද්ද කැපා අයියේ ඒ ?”

“ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලයකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබ්බ අහිංසක ලස්සනක් ඔයාගේ තිබිලා තිබුණා.අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියනවා.”

අස්ලි සිනාසුණේය.ඒ සිනහව සරදමත් සතුටත් එකට මුසුවු සිනහවක් විය.

Additional information

Weight 0.35 kg
Author

Publisher

Pages

284

Reviews

There are no reviews yet.

Be the first to review “පතොක් මලක් – Pathok Malak”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.