අරගලම් – Aragalam
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.ද හන්ඩ්රඩ් – The Hundred
රු550.00එකැස් ගැහැනිය – Ekas Gahaniya
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
Email when stock available
Description
විසල් කුළුණු, මිදිවැල් හා පියාඹන කුරුල්ලන් සහිත ලීයෙන් කළ කැටයම්… මේ සියල්ලම මහ ගෙදර ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් වී ඇත. එහෙත් කලකින් හුණු පරියම් නොකරන ලද බිත්තිවල පුස් සහ දිය සෙවෙල බැඳී ඇත.
”ගේ ජරාවාස වීගෙන එනවා නේද පුතේ?”
අම්මා… සුදුම සුදු පැහැති සාරියකින් සැරසී සිටින අම්මා අන් කවරදාටත් වඩා සුන්දර නොවේදැයි ඇයට සිතිණ.
”නතාලියාට ගේ දොර පිළිවෙලකට තියාගන්න ඕනකමක් නෑ. එක අතකට පව්. අහිංසක ගෑනිගේ හිතේ මොන තරම් දුක් කන්දරාවක් ඇත්ද?”
නවෝදා පුදුමයෙන් අම්මා දෙස බැලූවාය. නතාලියා නිසාම මුළු ජීවිතයම විඳ වූ අම්මා, ඇයට අනුකම්පා කරන්නේ මන්දැයි ඇයට සිතිණ.
”නතාලියා එක්ක තරහ වෙන්න එපා පුතේ. ගෑනු අපි හැමෝම ඔය වගේ තමයි. සංවේදියි. දුර්වලයි. එක ආදර බැල්මකට, ආදර බහකට තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා, මියයනතුරුම විඳවන ගෑනුන්ගෙන් තමයි මේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නේ.”
”අම්මා…”
”මගේ පුතා තාත්තට වෛර කරන්න එපා. තාත්තා නරක නැහැ. වෘත්තිය අනුව එයාට නොයෙක් දෙනා ළඟින් ඇසුරු කරන්න සිදු වුණා. මිනිස් හිත කියන දේ මහා පුදුමාකාර දෙයක්. මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. හිතකට වැට කඩුළු බඳින්න පුළුවන් මොන ජගතටද?”
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 296 |

Reviews
There are no reviews yet.