11 - Eleven | egenumabooks.lk

11 – Eleven

Weight 0.45 kg
Author

Publisher

Pages

368

SKU: B5004

රු1,300.00 Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.

In Stock

11 – Eleven

මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka

පොත් මී – Poth Mee

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මේ ත්රාස්යජනක, අද්භූත සහ කුතුහලාත්මක කතාව ඔබට පැවසීමට මත්තෙන් මා මෙම කතාවට සම්බන්ධ වූයේ කෙසේදැයි පාඨක ඔබ දැන ගත යුතු ය.
එකල මම ‘දෙනියාවල’ නමින් හැඳින් වූ කුඩා පළාතක පිහිටි එකම පොලිස් ස්ථානයෙහි පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවය කළෙමි. මා බිරිඳත් සමඟ විවාහ වී ගත වූ මුල් ම මාස තුන ඇතුළත මෙම උසස්වීම මා කරා ආයෙන් මෙය අපේ ජීවිතයට සිදු වූ වාසනාවක් යැයි සිතූ අප මෙම ගමන සඳහා පිටත් වූයේ බොහොම ප්රීතියෙනි. මීට කලින් දෙනියාවල ග්රාමයෙහි සේවය කළ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දැනගත් පරිද්දෙන්, දෙනියාවල සුන්දර, නිහඬ මනස්කාන්ත පරිසරයකින් යුත් සාමකාමී ගම්මානයකි.
ඉතින්, එවන් සුන්දර සාමකාමී ගම්මානයක් අලුතින් විවහා වූ යුවළකට වාසනාවක්ම නොවන්නේද? මා මෙන්ම මගේ බිරිඳත් සිතුවේ එසේ ය. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දෙනියාවල ගම්මානය විස්තර කළ ආකාරය ඇයට කියද්දී ඈ එයින් බොහෝ ප්රීතියට පත් වූවා ය. කිහිප වාරයක් ම සිනහ සෙමින් මා වැළඳ ගත්තා ය.
“එහෙනම් මේක තමයි අපේ ජීවිතයේ සුන්දරම කාලේ, කවදාවත්ම අමතකම නොවන කාලේ” යි කියමින් සතුටින් තෙපළුවා ය. ඇයගේ සිනහවත්, ආලයත් හමුවෙහි මම ද බොහෝ සතුටට පත් වුණෙමි.
“ඔව්… නිසැකවම මේ අපේ ජීවිතයේ ප්රීතිමත්ම කාලය වේවි” යි මම ද ඇයට කීවෙමි.
ඒත්, එය එසේ වූයේ නැත…
අප බොහෝ සිහින මවමින්, ජීවීතයේ ප්රීතිමත්ම කාලය ගත කිරීමට සිතා දෙනියාවලට පා තැබූ මොහොතෙම මහා කුණාටුවක් පරිද්දෙන් මේ අද්භූත සිදුවීම් දාමය සිදුවීමට පටන් ගත්තේ ය. මුලින්ම සිදුවූයේ මිහිපිට කිසිවෙකුත් බලාපොරොත්තු නොවන තරම් වූ තුච්ඡ සහ මිලේච්ඡ ඝාතන සමූහයකි. එයින් පසුව එම ඝාතන පසුපස ඇති අද්භූත, භීතියෙන් පිරී ගිය තොරතුරු එකින් එක අනාවරණය වන්නටත්, මා හෝ අනෙකුත් නිලධාරීන් කිසිසේත්ම අපෙක්ෂා නොකළ ආකාරයෙන් මෙම අද්භූත කතන්දරය අවසන් වන්නටත් විය.
මෙම කතන්දරය නිසාවෙන් මමත් බිරිඳත් ප්රාර්ථනා කළ ඒ සුන්දර කාලය එහෙන් පිටින්ම උඩු යටිකුරු වී ගියේ ය. එය අප දෙදෙනාගේ ජීවිතය අවාසනාවන්ත සහ කටුක කාලයක් බවට පත් කළේ ය. ඊටත් වඩා දෙනියාවලින් නික්ම ආ පසුවත් එම සිදුවීම් අපේ මනසින් ඉවත්කර ගැනීමට තරම් හැකියාවක් අපට නොවූයෙන්, එම සිදුවීම් සමඟ ම අපගේ ඉතුරු ජීවිත කාලය ගෙවා දැමීමේ අභාග්යසම්පන්න ඉරණමට මුහුණ පෑමටත් අපට සිදුවිය.
ඉතින් පාඨකය, මා ඔබට කියන්නට යන්නේ ඒ කතාව යි…
මා කලින් කී පරිද්දෙන් ම මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරී ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න – මේ ලියන්නා වූ සියලුම දෑ මා විසින් මුහුණ දුන්නා වූත්, දෑසින්ම දුටුවා වූත් සත්ය කරුණු ය. මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්රශ්නය අසනු ඇත.
‘මේ සියල්ලම ඇත්තක් ද?’
එවිට මා යළිත් පවසමි.
“මේ සියල්ලම මා මුහුණ දුන්නා වූත් දෑසින්ම දුටුවා වූත් සත්ය කරුණු ය.”
දෛවයේ කුමන හෝ අභාග්යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.
අවසන් වශයෙන් -:
මෙම ඝාතනයන්හි සැබෑ මිනීමරුවා ලෙස කතාව කියවාගෙන යන ඔබගේ මනසට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සේයාවන් දර්ශනය වනු ඇත. ඒත් ඒ කිසිවෙකුත් සැබෑ මිනීමරුවා නොවෙයි. ඔබ අවසානයේ දී සත්ය කතාව යැයි වටහා ගන්නා “කතාව”ද සත්ය කතාව නොවනු ඇත. මෙම සිදුවීම්වල ඇති “තුච්ඡකම” එය යැයි මා එකහෙළාම පවසමි. ඒ නිසා කිසිවක් කතාව අවසන් කිරීමට මත්තෙන් නිගමනය නොකරන්න. කතාව අවසන් කළ පසුවත් සිදුවී ඇති සත්ය සිදුවීම ඔබට වටහා ගත හැකිනම් එය ඔබේ දක්ෂතාවයත්, ඔබ කෙරෙහි ඇති රහස් විසඳීමේ අපූර්වත්වයත් නිසා විය හැක. ඒත් ඔබට එම නිගමනය කොතරම් නිවැරදිවම ගත හැකිදැයි මා නොදනිමි.
මෙම කතාව කියවන විට ඔබේ නිරීක්ෂණ ඇස සම්පූර්ණයෙන් ම අවදියෙන් තබා ගන්නැයි ඉල්ලා සිටිමින් මම කතාව ආරම්භ කරමි.
-: රුද්ර ප්රතාප් රණසිංහ -:

Additional information

Weight 0.45 kg
Author

Publisher

Pages

368

Reviews

There are no reviews yet.

Be the first to review “11 – Eleven”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.