ත්‍රිත්ව – Thrithwa
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.විසල් අහස යට – Visal Ahasa Yata
රු275.00ගිකෝර් – Gikor
රු375.00 Original price was: රු375.00.රු319.00Current price is: රු319.00.
ගිකෝර් – Gikor
Muthumudalige Nishshanka – මුතුමුදලිගේ නිශ්ශංක
Description
ගිකෝර් – Gikor
Muthumudalige Nishshanka – මුතුමුදලිගේ නිශ්ශංක
ගිකෝර් නමින් ඔබ කියවන මෙම පොත අර්මේනීයානු සාහිත්‍යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන් හොවානෙස් තුමාන්යාන්ගේ ගිකෝර් නත්තල් කාලයෙන් අනිකුත් විශේෂ කාල වකවානුවන් තුළත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන් පිරිවරාගෙන කියවයී.
අනෙක් පසින් මෙය අර්මේනියාවේ ශෝකාන්තයයි. අර්මේනියානුවෙකු විසින් ලියූ දුක්බරම කතාවයි. මෙය කියවන ඔබේ හදවතට දැනෙන වේදනාව, මෙය මා කියවපු මුල්ම මොහොතෙන්, මෙය කියවන දහස් ගණනක් වූ අර්මේනියානු දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් හදවතට දැනෙයි. ඒ තුළින් මීට ශත වර්ෂයකට පෙර අර්මේනියානුවන් අත් විඳි අන්ත වූ කම්කටොළු සහිත ජීවිතය ඔවුන් යළිත් අත් විඳියී. ඒ සියල්ලටම වඩා මෙය කුඩා දරුවන්ගේ හදවත් අනුකම්පාවෙන් පෝෂණය කරයි. තමන් සමඟ සිටින අනිකුත් දරුවන්ට ආදරයෙන් සලකන්නත්, ඔවුන්ගේ දුක බෙදාගන්නත් පුරුදු කරයි. දුප්පත් දරුවන් වෙනුවෙන් තමන්ගේ හදවතෙහි අනුකම්පාවක් ජනිත කිරීමට අර්මේනියානුවන්ව පුරුදු කරන්නේ ඔවුන් විසින් කුඩා කල මහත් වූ ආස්වාදයකින් කියවන මේ පොතයි.
හොවානෙස් තුමාන්යාන් අද ජිවිතය හැර නික්ම ගොස්ය. මෙම පොත ඔබ වෙනුවෙන් පරිවර්තනය කළ මම ද දිනෙක නික්ම යනු ඇත. එහෙත් ගිකෝර් නමින් ඔබ කියවන මේ සුන්දර වූ කෘතිය ලස්සන වසිලීස්සා, ගුරු ගීතය මෙන් ඔබේ හදවතෙහි සඳා කල්ම ජීවත් වනු ඇත.
මුතුමුදලිගේ නිශ්ශංක
Additional information
| Weight | 0.12 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 64 |


Reviews
There are no reviews yet.