හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro
රු3,500.00 Original price was: රු3,500.00.රු3,150.00Current price is: රු3,150.00.
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro
ඒ. පී. ඒ. ගුණසේකර – A. P. A. Gunasekara
Description
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro
ඒ. පී. ඒ. ගුණසේකර – A.P.A.Gunasekara
රාජ්‍ය නිලධාරීන් ලංකාවේ ගම් දනව්වල සේවය කිරීමේදී ලබා ගත් අත්දැකීම් ලේඛනගත කිරීම කලාතුරකින් වුව ද සිදු වේ. අපට නිතැතින්ම සිහියට නැඟෙන නිදර්ශන වශයෙන් ලෙනාඩ් වුල්ෆ් (බැද්දේගම) , ලීල් ගුණසේකර (අත්සන, පෙත්සම) විමලරත්න කුමාරගමගේ කවි හා මගේ නිර්මාණයක් වන වැව් බැඳි රාජ්ජේ සවාරියක් සඳහන් කළ හැකිය. එහෙත් මේ සාහිත්‍යාංගය සිංහලයේ එතරම් ප්‍රචලිත වූවක් නොවේ. යුරෝපීය සාහිත්‍යයේ නම් බෙල් ලෙත්‍ර (belles – letters) මෙව්වා (memoirs) යනු විසින් වැඩී ගිය සාහිත්‍යාංගයක් ලෙස එය සැලකේ. අප පාසලේ ඉහළ පන්තිවල උගන්නා කාලයේ ෆැන්සිස් බේකන්, ඔලිවර් ගොල්ඩ්ස්මිත්, චාර්ල්ස් ලෑම්බ් හා විලියම් හැස්ලිට් යන ලේඛකයන්ගේ එබඳු රචනා කියවීම අනිවාර්ය අංගයක් විය.
වර්තමාන කෘතිය මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ද වන ඒ.පී.ඒ. ගුණසේකරයන්ගේ රචනයකි. දශක තුනකට පෙර උතුරු මැද පළාතේ විශේෂයෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරයෙකු මෙන්ම, උප දිසාපතිවරයෙකු ලෙස ද සේවය කිරීමේ දී ලත් අත්දැකීම් මෙම සංග්‍රහයේ ඇතුළත් වෙයි.
මාගේ සහෝදර නිලධාරියකු වන ගුණසේකරයන් තුළ මෙතරම් සුවිශේෂ රචනා ශක්තියක් හා වින්දන ශක්තියක් හා වින්දන ශක්තියක් ඇති වග මම නොදැන සිටියෙමි. මෙම රචනාවලියෙන් ඉස්මතුව පෙනෙන්නේ ඔහු සතු මානව දයාවත්, මිනිස් ජීවිතයෙහි මනාව ප්‍රකට නොවන්නේ නමුදු, යටින් දිවෙන ශෝකාන්තයත් අවබෝධකර ගැනීමේ හැකියාවක් කතුවරයා තුළ නොමඳව ඇති බවය. ඒ අත්දැකීම් හා වේදයිතයන් ඔහු සුගම්‍ය ශෛලියකින් ඉදිරිපත් කරන්නේ අප සිත් ඇද බැඳ ගනිමිනි.
නිර්දය තීරණ ගන්නකු ලෙස ද, විනිවිද පෙනෙන අවංකභාවයෙන් යුක්ත වූවකු ලෙස ද ගුණසේකරයන් රාජ්‍ය සේවයේ කා අතරත් ප්‍රකට ය. ඒ නිර්දයභාවයත්, අවංකභාවයත් හැම විටම පොදු මිනිසාගේ හිත සුව පිණිස වූවක් බව හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ කියවන විට පාඨකයා වටහා ගනු නිසැකය.
Additional information
Weight | 0.76 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 592 |
Reviews
There are no reviews yet.