මොනාලිසාගේ මිසර ගමන - Monalisage Misara Gamana | egenumabooks.lk

මොනාලිසාගේ මිසර ගමන – Monalisage Misara Gamana

Weight 0.15 kg
Author

Publisher

Pages

96

රු350.00 රු280.00

In Stock

” මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි තිබ්බත් කන්න හිතුනේ ඇයි කියලා පුදුම උන ශේක් රියදුරාට වාහනය නවත්තන්න කිව්වලු. ශේක් වාහනෙන් බැහැලා රටඉදි ගහ ගාවට යනකොට එතන ගැණු ළමයෙක් වැටිලා හිටියලු. හරිම ලස්සන රූපයක් තිබ්බ මේ ගැණු ළමයට ශේක්ට ආස හිතුනලු. ශේක් මේ ළමයා ගෙදර ගෙනෙහින් සාත්තු කළාලු . එත් එයාට කිසි දෙයක් මතක තිබිලා නැහැ. පස්සේ ශේක් මේ තරුණියව විවාහ කරගෙන. හැබැයි අවුරුද්දක් යනකොට ඒ ළමයා සියදිවි නසගත්තලු “

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

” මොනාලිසාගේ මිසර ගමන” කියන මේ පොත මං කියවන්න අතට ගන්නකොට මේක නවකතා පොතක් ද,පරිවර්තනයක් ද නැත්නම් කෙටිකතා පොතක් ද කියලාවත් ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ..

මං මේ කියන්නේ හාස්‍යය උපදවන කරුණක් නම් තමයි .
” මොනාලිසාගේ මිසර ගමන” කියන මේ නමත් එක්ක මගේ හිතේ මැවුණේ ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි චිත්‍රයට නඟපු මොනාලිසා සිතුවමෙහි ඉන්න මොනාලිසාගේ රූපකායෙන් යුතු ස්ත්‍රියක් ලොකු ට්‍රැවලින්ග් බෑග් එකකුත් අතින් අරගෙන පිරමීඩ ඉස්සරහා හිටගෙන ඉන්නවා… ඊටත් පස්සේ හිතුණා මොනාලිසාගේ පින්තූරයක් කාත් සමඟ හෝ මිසර ගමනක යෙදෙන්න ඇති කියලා .. එහෙමත් නැත්නම් මොනාලිසා කියන නම තියෙන කෙනෙක් එක්ක මිසරයට ගමනක්…
ඒත් ඒ එකක්වත් මේ පොතේ නෑ.. 😀

අටවන කතාව පොතේ පටුනට ඇතුළත් නොවුණත් මේක කෙටිකතා අටකින් යුතු පිටු 96 කින් යුක්ත රසම රස කෙටි කතා පොතක්.

ගද්‍ය ප්‍රබන්ධයක් කෙටිකතාවක් නොවන්නේ මන්ද යන්න පිළිබඳව මෙන්ම , කෙටිකතාවක අන්තර්ගත විය යුතු සප්තාංග ලක්ෂණයන් පෙන්වා දෙමින් ජෝෂප් එන්සවේන් (Joshep Ensewein ) කියන විචාරකයා , කෙටි කතාව පිළිබඳව මෙහෙම කියලා තියෙනවා..

“කෙටි කතාව වනාහී අනෙක් සිද්ධි අභිබවා සිටින, එක් ප්‍රබල සිද්ධියක් හා එක් ප්‍රබල චරිතයක් අනාවරණය කරන්නා වූ ද, එකට කැටි වී තිබෙන කතා වින්‍යාසයක් සහිත වූ ද, ඒකීය ධාරාවකින් යුක්ත වූ ද, අඩු දිග ප්‍රමාණයකින් යුක්ත වූ ද, පරිකල්පනාත්මක ආඛ්‍යානයකි…”
– Joshep Esenwein –

නූතන සාහිත්‍යය තුළ කෙටිකතාවන් බිහිවීම අඩුම ප්‍රවණතාවයක තියෙන්නේ. බොහෝ රචකයයෝ කැමතියි දීර්ඝ ආඛ්‍යානයන් රචනා කරන්න. කොහොමවුණත් සාර්ථක කෙටිකතාවක් නිර්මාණය වෙන්නේ මේ සාහිත්‍යාංගයේ සුවිශේෂී ශිල්ප ධර්ම විෂයෙහි කුසලතා තියෙන රචකයන් අතින් විතරයි . උසස් යැයි සැලකෙන සෑම නවකතාකරුවෙකු අතින්ම උසස් කෙටිකතා බිහිවන්නේ නැතුවා සේම, සෑම උසස් කෙටිකතාකරුවෙකු අතින්ම උසස් නවකතා බිහිවන්නේ ද නැත. ලියෝ ටෝල්ස්ටෝයී ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු විනා ශ්‍රේෂ්ඨ කෙටිකතාකරුවෙකු නොවේ.. ඇන්ටන් චෙකොෆ් ශ්‍රේෂ්ඨ කෙටිකතාකරුවෙකු වුවත් ඔහු ලියූ නවකතා අසාර්ථකත්වයට පත්වූ බව ද අනාවරණය වී ඇති කරුණක්.

ජෝෂප් එන්සවේන් නම් විචාරකයාට අනුව කෙටිකතාවක් යනුවෙන් ඔහු විචාරය කර ඇති සියළු ලක්ෂණයන්ගෙන් මේ ” මොනාලිසාගේ මිසර ගමන” නම් කෙටි කතා පොතෙහි ඇතුළත් සියළු කෙටිකතාවන් සර්ව සම්පූර්ණව ඇති බව කිව යුතුමයි.

යථාර්ථවාදයේ ඇතැම් සීමා හේතු කොටගෙන ෆ්‍රාන්ස් කෆ්කා බඳු ලේඛකයින් විසින් අනුගමනය කරන ලද අධියතාර්ථවාදී රීතිය 1980,1990 දශකවල සිංහල නවකතාවට ප්‍රවිශ්ඨ වූ නවප්‍රවණතාවක් ලෙස අනුගත වෙද්දී, නව මං සොයා යන නිර්මාණකරුවෙකු ලෙස සයිමන් නවගත්තේගම ලේඛකයාණෝ සිය නවකතාවන් තුළට අධියතාර්ථවාදී රීතියෙහි ඇතුළත් සුවිශේෂී ලක්ෂණයන් ඇතුළත් කරද්දී , රශ්මික මණ්ඩාවල ” මොනාලිසාගේ මිසර ගමන” නම් සිය කෙටිකතා පොතට අධියතාර්ථවාදී ලක්ෂණ විශ්වාසනීයත්වය, අව්‍යාජත්වය යන කලාත්මක ප්‍රයෝග භාවිතා කොට වෙනස් මුහුණුවරකින් විද්‍යාමාන කරමින් ඇතුළත් කර තිබීම විශිෂ්ටය.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙපමණකි.
මෙය ඉතා රසවත් මෙන්ම ඉතා විශිෂ්ට ලක්ෂණවලින් හෙබි, කියවීමට පටන් ගත් පසු මොහොතකට හෝ කියවීමෙන් මිදීමට නොසිතෙන කෙටිකතා පොතකි.

– ගයානි සෙව්වන්දි එදිරිසිංහ –

Additional information

Weight 0.15 kg
Author

Publisher

Pages

96

Reviews

There are no reviews yet.

Be the first to review “මොනාලිසාගේ මිසර ගමන – Monalisage Misara Gamana”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.