තරු විසුළ රැය – Tharu Visula Raya
රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
තරු විසුළ රැය – Tharu Visula Raya
Aruna Premarathna – අරුණ ප්‍රේමරත්න
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
තරු විසුළ රැය – Tharu Visula Raya
Aruna Premarathna – අරුණ ප්‍රේමරත්න



” උන්වහන්සේ අනතුරුව උම්මග්ග ජාතකයේ එන කතා වස්තු කිහිපයක් ගෙන හැර පෑවා. වේදේහ වැනි මහළු රජෙක් අන්තිමේදී සිය පණ රැක ගන්නේ තමාගේ දරුවෙකු තරම් වයස ඇති මහෞෂධ පඩිවරයාගෙන් “
ගමට අලුතින් එන ස්කෝලෙ මහත්මයා අලුත් පාසලක් විවෘත කර ගමේ සිටින බොහෝ දෙනාගේ නැණ ගුණ වර්ධනය කිරීමට බෙහෙවින් උත්සුක විය.
තරුණ වියේ පසු වූ ස්කෝලෙ මහතා තමන්ට අයිති දේපල ඉඩකඩම් ආදී සියල්ල අතහැර ගමට පැමිණේ.
එහිදී සමදරා නම් කාන්තාවක් සමග විවහා වෙයි.ඇයත් පාසලේ සේවය කරයි.
ඉකෝලෙ මහතා දක්ෂ චිත්ර ශිල්පියෙකි.උපාලි නම් දරුවා ඔහුගේ ප්රියතම ගෝලයා විය.
උපාලි නම් දරුවාගෙ ජීවිතය ත් අනෝමා නැමති ඔහුගේ ප්රියතම ගැහැණු ලමයාත් , භීෂණ සමයත් , යුද්ධයත් , කාන්තාවන් විශාල ප්රමාණයක් ආශ්රය කල ඉකෝලෙ මහත්මයාත් අලලා ලියුවුණු පාඨක සිත් අමන්දානන්දයට ත් කුතුහලයටත් පත් කරවන නවකතාවකි.
” බුදු හාමුදුරුවෝ මනුස්ස හිත උපමා කෙරුවෙ වල් අස්සයෙකුට. දන්නව ද ඇයි උන්වහන්සේ එහෙම කිව්වෙ.ඒ හිත මෙල්ල කර ගන්න අමාරු හින්දා.චංචල හින්දා.හිත කියන දේ අපට හිතාගන්නවත් බැරි තරම් වේගෙන් වෙනස් වෙනවා.”
උපාලිගේ තාත්තා ගම හැර යන්නේ සියල්ලම පිළිබද කලකිරීමෙනි. ඔහු නැවත ගමට එන්නෙ පණනැතිවයි.එවිට උපාලි ගමේ නොවේ.උපාලි එය දැනගන්නේ ද පියාගේ අභාවයෙන් මාස තුනකට පසුවයි.
අනෝමා හා උපාලි අතර කුඩා කල සිටන් පවතින මිත්රත්වය ප්රේමයක් දක්වා වර්ධනය වුවත් අනෝමා හා ඉකෝලෙ මහතා අතර පැවතුණු සම්බන්ධයෙන් අනෝමා උපාලි ව අතහැර දමයි.අනෝමාගේ වෙනස් වීමෙන් උපාලිගේ විශ්වවිද්යාල සිහිනය ද බිදී යයි.ඔහු හමුදා සේවයට යන්නේ ඔහුගෙන්ම පලිගැනීමට හා අනෝමාගේ ආදරය අමතක කිරීමට විනා කැමත්තකින් නොවේ.
” හමන මද නළ ගිනි සේ දැනේ…. එහෙමයි කුවේණි අස්නෙ තියෙන්නෙ.විජය රජ්ජුරුවො කුවේණිව එලවා දැම්ම ම කුවේණිට දැනිච්ච විදිහ “
හොද නරක , යහ ගුණ , යන සියළුම දේ නොමද දුන් හපුආරච්චි ඉකෝලෙ මහත්තයා කිසිවෙකුට නොදැනිව උපාලිගේ අම්මා ද , පියා ද ,අනෝමා ද උපාලිට අහිමි කලේ ඔහුය.
අවසානයේදී තරු විසුළ රැය වැන් ගෝගේ සිතුවම ඉස්කෝලෙ මහත්මයාගේ ඉදිරියේ මැවී පෙනනවාත් සමගම තරු පිරුණු අහසක් යට තමා නිර්මාණය කළ පාසල අසල තමා ජීව්තයේ එතෙක් කාලයක් රැකවරණය ආදරය මෙන්ම ගුණ නැණ දුන් උපාලිගේ එක් උණ්ඩයකින් මිය යනු ඇත.
සටහන
– ලෝචනී අමරසූරිය

Additional information
Weight | 0.47 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 366 |
Reviews
There are no reviews yet.