බල මුදුවේ මිතුරු හවුල – Bala Muduwe Mithuru Hawula
Original price was: රු2,250.00.රු2,025.00Current price is: රු2,025.00.අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු – MO DAO ZU SHI #01
Original price was: රු2,350.00.රු2,115.00Current price is: රු2,115.00.අසහාරා – Asahaaraa
රු2,100.00 Original price was: රු2,100.00.රු1,890.00Current price is: රු1,890.00.
අසහාරා – Asahaaraa
By: ඉමේෂ් මධුශංක යාපා – Imesh Madushanka Yapa
Email when stock available
Description
හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.
එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.
න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරිරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුණු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයන් පිරිස, බිහිසුණු ත්රස්තයන්ගේ මිලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?
නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?
Additional information
| Weight | 0.62 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 556 |

Reviews
There are no reviews yet.