ග්ලැසේරා - Glasera | egenumabooks.lk

ග්ලැසේරා – Glasera

Weight 0.44 kg
Author

Publisher

Pages

344

SKU: B167
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරව ඔහුගේ උදරයේ මාංශ පේශි හැකිළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප්‍රබලව ප්‍රථම වතාවට ඔහුට දැනෙන්නට විය.

 

ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙක් හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය.

කිසිවක් නැත…

ඔහු මදක් ඒ දෙසට නැමු‌ණේ; දුරකථනයේ ආලෝකය ආසනවලින් පහළට එල්ල කළේය. කුමක් හෝ සුදු පැහැති ඡායාවක් එකවරම පහළ සිට ආසනය මතට ගමන් කරනවා වැනි දර්ශනයක් දුටු ඔහු කලබලයට මෙන්ම බියට පත්ව වහාම නැඟිට්ටේය. එම ආසනය දෙසට ආලෝකය නිකුත් කරමින් වේගයෙන් ඒ වෙත ළං වූ ඔහු පසුපසම ආසනයේ වම දකුණ දෙදිශාවටම ආලෝක ධාරා නිකුත් කරමින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළේය…

නමුක් කිසිම දෙයක් එහි නැත.

Additional information

Weight 0.44 kg
Author

Publisher

Pages

344

Reviews

There are no reviews yet.

Be the first to review “ග්ලැසේරා – Glasera”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.