9 / 11 උමා දේවී – 9 / 11 Uma Devi
Original price was: රු900.00.රු630.00Current price is: රු630.00.මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya
Original price was: රු700.00.රු595.00Current price is: රු595.00.- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
හුස්ම – Husma
රු400.00 Original price was: රු400.00.රු320.00Current price is: රු320.00.
හුස්ම – Husma ( පබසරා රණතුංග )
Description
සැප්තැම්බර් කියන්නේ හරි පුදුම හිතෙන මාසයක්… පොඩි කාලේ ඉදන් මම බලන් ඉන්නේ සැප්තැම්බර් මාසේ එනකන්… ඒ සාහිත්‍යය මාසේ හන්දා නම් නෙමේ… මම ඉපදුන මාසේ හන්දා.. ඉතින් අදටත් සැප්තැම්බර් මාසේ ළං වෙද්දී පුදුම තරම් සතුටකින් මගේ හිත පිරෙනවා… හැබැයි ඒ උපන්දිනේ හන්දා විතරක් නෙමේ… අර මම කලින් කිව්වේ… සාහිත්‍යය මාසේ හන්දා… සාහිත්‍යය තරඟ වලට ඉදිරිපත් වෙලා ඒවාගේ ප්‍රතිඵල එන මාසේ.. පොත් එක්කහු කරන්න මග බලන් හිටිය මාසේ… ඉතින් ආස නොවී කොහොමද නේද ???
එච්චර ආසාවෙන් හිටිය සැප්තැම්බර් මාසේ මගේ ජීවිතේ මම ආසම කරන දෙයක් එක්ක තවත් විශේෂ කරගන්න පුළුවන් වුණා… ඔව්.. ඔයාලා දැන් දන්නවා කියලා මම දන්නවා… ඒත් සැප්තැම්බර් පළවෙනි දා ආයේ ඒ ගැන හරි ආසාවෙන් මට කියන්න හිතුණා… මොකද හරි ආදරණීය හිත් ටිකක් මාත් එක්ක එකතු වෙලා ඉන්න හන්දා…
මම කවි ලිව්වේ ආදරේ ගැන…
ඉතින් මගේ කවි පොතේ හුඟක් කවි ආදරේ විසින් අයිති කර ගත්තා …
තවත් කොටසක් සබරගමුව …. මගේ ආදරණීය විශ්වවිද්‍යාල ජීවිතය විසින් පැහැර ගත්තා .. ඒක හරි ආදරණීය පැහැර ගැනීමක්…
විරහව, දේශපාලනය , සමාජ ප්‍රශ්න මගේ කවි කළඹ හරවත් වගේම රසවත් කරන්න උදව් වුණා..
මම තාත්තලාට වගේම අම්මලාටත් කවි ලිව්වා…
ඉතින් මගේ පොත ඇතුළේ හුස්මක් තරම් ආදරයක් දන්නෙම නැතුව එක්කහු වුණා…
ඉතින් මට හිතුණා ඒ ආදරේ ඔයාලා හැමෝමත් එක්ක එක මිටකට බෙදා ගන්න …
ඔව්ව්ව්… ඒ මගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය “හුස්ම ” තුළින්…
හුස්මක් වගේ ආදරයකට හරි ආදරෙන් මම මගේ කවි හුස්ම පොත ඇතුළේ නිදන් කරා….
හරි පරිස්සමෙන් …..
ඒ හුස්ම මේ සාහිත්‍යය මාසේ කළඑළි බහින්න ලකලෑස්ති වෙනවා..
ඒ මම ගොඩක් ආදරේ කරන මගේම සරසවිය …
සබරගමු අහස යට…
ඉතින් අපි හමුවෙමු මේ සාහිත්‍යය මාසේ තවත් ආදරණීය දවසක.. හරි ආදරෙන්… එදාට අපි ආදරේ ගැන කතා කරමූ… එක එක විදියට … ඉතින් මගේ පුංචි කවි පිංච එක්ක එකතු වෙයි කියලා හරි ආදරෙන් මම බලන් ඉන්නවා..
මේක හරි ආදරණීය ආරාධනාවක්… මොකද මම මහා ලොකු කිවිඳියක් නෙමේ… විනෝදෙට කවි ලියන ප්‍රේමයට ඉමක් කොනක් නැතුව ලොබ බදින පුංචි කවිකාර කෙල්ලෙක්.. ඉතින් එන්න.. මගේ හුස්ම ගැන ඔයාලාගේ අදහස් කියලා යන්න .. මම බලන් ඉන්නවා.. ආදරේ තුරුල් කරන්…
මම
හැඟුම්බර කවි සිතක
අහංකාර පද ගැලපුම,
පබා
Additional information
| Weight | 0.1 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 56 |

Reviews
There are no reviews yet.