මගේ චිකාගෝ හදවත – Mage Chikago Hadawatha
රු1,250.00 රු1,063.00
2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොතකි
Description
කෘත්‍රිම දරු පිළිසිඳගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි ‘මගේ චිකාගෝ හදවත, කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්වත්වය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබූ මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා- අමෙරිකානුවන්ගේ ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමග එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.
Additional information
Weight | 0.36 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 296 |
Reviews
There are no reviews yet.