මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya
Original price was: රු700.00.රු595.00Current price is: රු595.00.ළමුතු අමයා – Lamuthu Amaya
Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.මිත්තා – Mittha
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මිත්තාට තම දෙසවන් අදහා ගත නොහැකි විය. නා නා වර්ණ දීප්තිමත් ආලෝක ධාරාවන් නන්දන උයන පුරාම පැතිර යන්නාක් මෙන් ඇයට දැනිණ. ඇය පණ්ඩු දෙස බලා යන්තමින් සිනාසුනාය.
“දඹදිවින් ආව ඇත්තො අපට දුන්න දේවල් මහ ගොඩයි මිත්තා. උපන් රට කෙසේ වෙතත් අපි හැමෝම මනුස්සයො කියන එක අපි අමතක කරන්නෙ නෑ. මිහිඳු හාමුදුරුවන් ධර්ම දේශනාවලදිත් කියන්නෙ ඒකම තමයි. මේක උඹගෙ ඉරණම වෙන්ඩ ඇති. පණ්ඩු උඹට මනාප නම් උඹ පණ්ඩුට මනාප නම් ආයෙ වෙන මොනවද?”
අත්තප්පා මිත්තාගේ අත තදින් අල්ලා ගත්තේය. ඊළඟ මොහොතේ පණ්ඩුගේ දකුණත අල්ලා ගත් අත්තප්පා ඔහුගේ අත මත මිත්තාගේ අත තැබුවේය.
“අද ඉඳලා මිත්තා උඹට භාරයි පණ්ඩු. අපේ විරුද්ධත්වයක් නෑ. අපේ පැලට ඇවිදින් මේකිව කැන්දාගෙන පලයන්.”
සතුටත්, දුකත් සම්මිශ්රණය වූ හැඟීමෙන් යුතුව මිත්තා ඉකි ගසා හැඬුවාය. චේතියා ඇය සිය ලයට තුරුළු කරගෙන ඇගේ කඳුළු සිය ඇඟිලි තුඩුගින් පිස දැමුවාය.
“මගේ රාජකාරි අහවර කරලා හෙට දවසේ මම උඹව කැන්දාගෙන යන්න එනවා මිත්තා.”
පණ්ඩු පැවසුවේය. මිත්තා සිනාසුනාය.
සූර්යයාගේ අවසන් රැස් පොද නන්දන උයනෙහි තුරු මුදුන් මත මොහොතක් පතිතව තිබිණ. තවත් ස්වල්ප වේලාවකින් නන්දන උයනේ තැන් තැන්හි දල්වන විලක්කු ආලෝකයෙන් පරිසරය ආලෝකමත් වන බව මිත්තා නිසැකවම දැන සිටියාය.
Additional information
| Weight | 0.31 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 232 |

Reviews
There are no reviews yet.