පර්සෝනා - Persona | egenumabooks.lk

පර්සෝනා – Persona

Weight 0.37 kg
Author

Publisher

Pages

314

SKU: B468

රු1,250.00 Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.

Out of stock
Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“සෙලීනා සමන්ති සින්ක්ලෙයාර්” කියන නම නම් කාලාන්තරයක් යනතුරුම මතක හිටින නමක් බවට පත් කළේ කැලුමි වැලිගමගේ කුළුඳුල් නවකතාව වුනු “පර්සෝනා” යි. නවකතාවෙි අන්තර්ගතය පිළිබඳ විමසුවහොත් විලාසිතා ලෝකය සහ අලෙවිකරණය කරන්නේ කොහොමද කියන කාරණය සෙලීනා සමන්ති සින්ක්ලෙයාර් කියන මේ බවලත් චරිතය හා ගෙතී තිබෙනවා.
නවකතාව තුළ ලිංගිකත්වය තමන්ගේ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන ගැහැනියක පිළිබඳවයි මුලිකවම කතා කරන්නේ. සෙලීනා චරිතය කතුවරයා වඩාත් විචක්ෂණශීලි සහ කපටි,ශූර,දුරදර්ශි කාන්තාවක් ලෙසින් නවකතාව තුළ රඳවලා තියෙනවා. සමාජ අපවාදවලින් හෙම්බත්ව, සමාජයෙන් ලැබුණ පීඩනයට ප්‍රතිවිරුද්ධව සටන් කරන අයෝමය කාන්තාවකගේ භුමිකාව “සෙලිනා” චරිතය හරහා විවරණය වෙනවා. සෙලීනාගේ අඳුරැ අතීතකාමයන් හාරා ඇවිස්සීම හරහා හේමාල් සර් සහ සෙලීනාගේ යටගියාව,චෙස් ක්‍රීඩාව මඟින් යොදා ගැනෙන හැඟවුම්කාරකය කොහොමද අවසානයේ ලංකාවෙි විශාලතම විලාසිතා නිමැවුම් ව්‍යාපාරයක් බවට පත්වෙන්නේ කියන එක අපුරැවට කතුවරයා ඉදිරිපත් කරනවා. ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන් හා සසඳමින් ඒවා “පර්සෝන” යන වෙළඳ සන්නාමය සකස් වෙන අයුරැ මනා ආකර්ෂණයෙන් යුතුව ඉදිරිපත් කර තිබෙනවා. කතුවරයා අවසානයේ මෙම නවකතාව තුළින් උලුප්පා තිබෙන මනෝවිද්‍යාත්මක පැතිකඩක් පිළිබඳව ද නිරාවරණය කරනවා. සෙලීනා තමන්ගේ කටුක යථාර්ථයෙන් පළා යෑමට ඇයටම ආවේණික කරගත් හුදු ෆැන්ටසියක් නිර්මාණය කරගනී. විඥානය සහ අවිඥානික ආශාව නමැති දෙකොණවිලක්කුවේ රඳවාතබන සෙලීනා තුළින් ඇගේ ෆැන්ටසිය තව තවත් ප්‍රබල කරගන්නට බලය ද ස්පර්ශ කරන්නට ද සුදානම් වෙයි. නවකතාකරැවා යනු චලවාසීව අලුත් යමක් සෙවීමෙහි නියැලෙන්නෙකි. ඔහු එක්තරා විදියකට දඬයක්කරුවකු ලෙස හැඳින්වුවාට වරදක් නැත. මේ කැලුමි වැලිගම නමැති චලවාසී දඩයක්කරු සොයාගත් අලුත් යමක් අපට දායාද කොට ඇත. එය සැමෙකෙක්ම කියවීම ඉතාමත් ම වටී.

“ඔබ ආශාවන් පාලනය කරවාද? එහෙමත් නැත්තම් ආශාවන් ඔබව පාලනය කරනවාද?
ඔබ තුළ සැගවුණ ආශාව දල්වන්න බරපතල අවදානමක් ගන්න ඔබ සුදානම්ද?” “පර්සෝනා”

-මලින්ත විතානගේ-

Additional information

Weight 0.37 kg
Author

Publisher

Pages

314

Reviews

There are no reviews yet.

Be the first to review “පර්සෝනා – Persona”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.