විවර්ත මාරුත – Viwartha Marutha
Weight | 0.46 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 399 |
SKU:
B707
රු1,800.00 Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.
In Stock
2018 වසරේ ප්‍රශස්ථතම නවකතාව ලෙස ඌව පළාත් සභා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාවයි.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
-
රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
-
රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
-
පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ
Description
කොළඹ හතේ නිවසකින් හමුවන, විෂක් ශරීරගතව මිය ගිය යුවතියක්!
ඇය සතුව තිබී සොයාගැනෙනා ලිපි වාර්තා ගොන්නක්!
වාර්තා පුරා කියැවෙන තනි පුද්ගලයෙක්!
සංස්කෘතික රාමුවල සිරවී සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා සටන්කරුවෙකුට බොහිමියානුවෙකු යැයි කිව හැකිද?
නැතිනම්,
තමන්ගේ අභිලාෂයට සටන් වදිමින් සමාජය නම් මඩ ගොහොරුවටම බසිනා මිනිසෙකුට රස්තියාදුකරුවෙකු යැයි කිව හැකිද?
සුදුත් නොවන කළුත් නොවන මිනිසුන් අතර අළු පැහැති රස්තියාදුකාරයෙක් ලංකා දේශපාලනය කෙලෙස කලඹයිද?
මේ, ලාංකේය දේශපාලනික වංශකථාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වයි!
එනම්,
රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි.
@dulshan.sunjaya Read More
විවර්ත මාරුත | CHANGING WIND 📚
• කර්තෘ - අකිල ශාවින්ද දිසානායක
' රස්තියාදුකාරයා නැතුවම බැරි මිනිසෙක් වී ඇත. කිසිවෙකුත් ඔහුට දැන් රස්තියාදුකාරයා යැයි නොකියති. දෙමාපිය මුදල් විනාශ කරනා අසමජ්ජාතියා යැයි නොකියති. තරුණයින් වසඟයට ගන්නා සල්ලාලයා යැයි නොකියති. සමාජයට දැන් ඔහු මහත්මයෙකි...!
සමාජය වනාහි ස්ථිතික නොවූ ගතික ප්‍රපංචයකි. ආර්.ඇම් මැක් අයිවර් නම් සමාජ විද්‍යාඥයා තම 'Society' නම් කෘතිය හරහා මෙකී සමාජය යන්නට අර්ථ විවරණ සපයන්නේ, 'සමජය යනු බලයෙන් හා අන්‍යෝන්‍ය උපකාරයෙන් නිදහසට හුරුපුරුදු වූ මිනිසුන්ගේ ක්‍රියාකාරී වැඩමුළුවක් වැන්න. මෙය සමාජ සබඳතා පිළිබඳ දැලකි. නිරතුරුවම වෙනස්වන ප්‍රපංචයකි' යනුවෙනි. පුද්ගලයන්ගෙන් තොරව සමාජය පිළිබඳව කතාබහ කළ නොහැකි වීම හේතුවෙන්, බැලූ බැල්මට සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවක් සේ පෙනුනද, සමාජය යන්නෙන් එලෙස එකාසු වන පුද්ගලයින් අතර ගොඩනැගුණු එක්තරා ආකාරයක සම්බන්ධතාවයන්ගේ සංකලනයක් බව හැඳින්වීම වඩාත් සුදුසුය. මෙකී ගතික ප්‍රපංචය තුළ සබඳතා ගොඩනගා ගන්නාවූ පුද්ගලයින්ගෙන් කොටසක් සමාජ සම්මතයන්ට ගරු කොට, එතුළ මුල් ඇද ගනිමින් ජීවත් වන අතර තවත් කොටසක් එකී පොදු සමාජ සම්මතයන් බැහැර කරමින්, තමන්ට ආවේණික වන සේ ගොඩනගා ගත් තමන්ගේ ම සම්මතයන්ට ගරු කොට, එතුළ මුල් ඇද ගනිමින් ජීවත් වෙයි. සාමාන්‍ය සමාජ පුද්ගලයාගෙන් වෙන්වූ ඔවුහු බොහීමියානුවන් සේ හැඳින්වුව ද, ගැටලුව වනුයේ, ලාංකේය සමාජය නම් මෙකී ගතික ප්‍රපංචය තුළ එකී බොහීමියානුවාට ඇති පිළිගැනීම කෙබඳු ද යන්නයි.
තමන්ටම අනන්‍ය වූ රසවින්දනයක් ඇති, සමාජ සම්ප්‍රදායෙන් වෙනස් වූ ඇඳුම් පැළඳුම් සහ ආභරණයන්ගෙන් යුක්ත වූ විලාසිතාවක් ඇති, ක්‍රම විරෝධි බවක් දක්වන නමුත් ඉතා සරල ජීවන රටාවක් ඇති ඔවුන්ට ලාංකේය සමාජය තුළ පැවැත්මක් තිබිය හැකිද?. ඔව්, මේ මහා සංස්කෘතිය ඔවුන්ව හඳුනාගන්නේ 'රස්තියාදුකාරයා' ලෙසයි. ලාංකේය සමාජය, ලාක්ෂණික අංගයන් ගණනාවක්ම එකාසු කරමින් එකී රස්තියාදුකාරයාට නිශ්චිත හැඩයක් ලබා දී, සමාජ සම්මතයන්ගෙන් බැහැර වන්නන් උදෙසා එකී ලේබලය නිරායාසයෙන් ගසා දමන කාර්‍යයේ නියැලෙමින් සිටියි. ඔවුන්ගේ අර්ථකථනයට අනුව රස්තියාදුකාරයා වනාහි කොණ්ඩා රැවුල් වවා, සිය ශරීරය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන, නූගත් ලාක්ෂණිකයන්ගෙන් හෙබි, සමාජ අසම්මතය තුළ රඟ දක්වන, එහෙයින්ම ගුප්ත දිවියක් ගත කරන්නවුන් වෙති. ලාංකේය සමාජය තුළ කාලාන්තරයක් මුළුල්ලේ මුල්බැස ගත් එකී සම්මතය කොයිතරම් නම් දුරකට සාධාරණද? සමාජ සම්මතයෙන් බැහැර වූවන්ගේ පෙනුම අනුව යමින්, ඔවුන්ව රස්තියාදුකාරයා යැයි පරිභව කිරීම කොයිතරම් නම් දුරට සාධනීය ද? සමාජ සම්මතය හඳුනාගන්නා මේ 'රස්තියාදුකාරයා' සත්තකින් ම කවරෙක්ද? රස්තියාදුකාරයා හැමදාටම රස්තියාදුකාරයෙක්ම ද?
මේකී කරුණු කාරණා තේමා කොටගත්, 2018 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ, වසරේ ප්‍රශස්තම නවකතාව ලෙසින් සම්මානනීය ඇගයුමට පාත්‍ර වූ, අප පෙරළිකාර ලේඛකයා; අකිල ශාවින්ද දිසානායක : Akila Dissanayaka ගෙ කුළුදුල්ම නිර්මාණ කාර්‍යය වන 'විවර්ත මාරුත', මේ උභතෝකොටික ගැටලු සියල්ලටම පිළිතුරු සපයනු ඇත.
ඔහු නමින් 'දසුන් ප්‍රතාපසිංහ' ය. සමාජ සම්මතයන් සහ සමාජය තුළ මුල්බැස ගත් සංස්කෘතිය විසින් ඔහුවත්, ඔහුගේ මිතුරු කල්ලියත් සිරකොට තිබුණේ රස්තියාදුකාරයා යන රාමුව තුළය. ඔවුහු එතුළ ජීවත් වෙමින් තමන්ට රිසි සේ දිවිය වින්දෝය. සුපුරුදු රේල් පාරට යාබද බෝක්කුව ඔවුන්ගේ සැනසීමේ නිවහන වූයේය. සිගරට් කොට තැන තැන විසිරුණු එතැනින්, නිරතුරුවම නැඟුණේ දුම් රැළිය. ගිටාරයක තත් කම්පනයෙන් නැඟෙන රාවය, එකී දුම් රැළි අතරින් අවුත් ඔවුන්ව සංගීතයෙන් මුසපත් කළේය. ඔවුහු සිල්පර කොට මතින් දිගාවී, නිසලව පෑයූ සඳ දෙස බලා, රාත්‍රීයේ නිහඬ බව තම ඇතුළාන්තයටම ඇද ගනිමින්, එහි පහස වින්දෝය. සමාජය ඔවුන් වෙත 'රස්තියාදුකාරයා' යන ලේබලය ගසා ඇත. සමාජ සංස්කෘතිය තුළ ඔවුන් පල් හොරුය; මිනීමරුවන් ය; ස්ත්‍රී දූෂකයන්ය; කුඩ්ඩන්ය. එහෙත් ඔවුන් ආපිට සමාජය හා වෛර බැඳගත්තේ නම් නැත. ඔවුහු ඒ දෙස උපහාසයෙන් පමණක් බැලීය. සමාජයේ කියුම් කෙරුම් ඔවුන් තඹ සතයකට මායිම් කළේ නැත. මෙකී ජීවන විලාසය හා ඔවුනොවුන් අතර වූ සාමූහිකත්වය, ඔවුන්ට විඳීමට සිදු වූ දරිද්‍රතාවයන් ඇතුළු සමාජයෙන් එල්ල වූ පීඩනයේ ඵල ය. මෙලෙසින් සමාජගතව හුන් මිතුරු කල්ලිය තුළ, දසුන් ප්‍රතාපසිංහ නම් චරිත කැපී පෙනුණි. ඔහු සුදුත් නොවන කළුත් නොවන අළු පැහැති රස්තියාදුකාරයෙකි. එහෙත් 'දේශපාලනය' නම් වූ ඒ පොර පිටියේ ක්‍රීඩා කරන්නට ඔහුට ද ආරාධනා ලැබෙන තෙක්, ඔහු තුළින් විද්‍යාමාන වූයේ, එකී රස්තියාදුකාරයාගේ සුදු චරිතය පමණක්ය. එනම්, දේශපාලනය, ඔහු තුළ නිලීනව හුන් කළු චරිතයට ජීවය සැපයීය. මේ ඒ රස්තියාදුකාර මහත්මයාගේ කතාන්දරයයි.
නවකතාව ආරම්භයේදී කථා ප්‍රවේශය ලබා ගන්නේ, යුවතියකගේ සියදිවි නසා ගැනීමක් පිළිබඳ සිදුවීමකිනි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්, එහි විමර්ශන කටයුතු සඳහා අතපෙවීමත් සමඟ, ඔහු එකාසු කරගන්නා විවිධාකාර සිද්ධීන් හා තොරතුරු, එකිනෙකට බද්ධ කරගනිමින් නිර්මාණය කරගත් සන්තතික කතා දාමය පාඨකයාට ඉදිරිපත් කිරීමේ කථා වින්‍යාසයකින් මෙම නවකතාව යුක්තය. ලාංකේය දේශපාලන බල අරගලය ඉෂ්ටාර්ථය කොටගත් රචකයා, එම බල අරගලයේ යථා ස්වභාවයත්, එයින් බලපෑම් එල්ල වන සමාජය පිළිබඳ යථා විවරණයත් ඉදිරිපත් කරමින්, අළු පැහැති චරිතයක් හරහා, ඒවා පිළිබඳව ලාංකේය සමාජය තුළ පවතින්නාවූ ආකල්ප සහ පටු දේශපාලනික අරමුණු නිරුවත් කර පෙන්වීම, තම අභිප්‍රාය කොටගනියි. යථාර්ථවාදී රීතිය අනුගමනය කරන රචකයා, එකී නිරුවත ඉදිරිපත් කරන්නේ, තමා මේ යථාර්ථයේ ජීවත් වෙමින්, දේශපාලනික සමාජය පිළිබඳව උකහා ගත් අවබෝධය අනුව, ඔහුම සකසාගත් සත්‍ය සහ අර්ථය, තමන් විසින් ම නිර්මාණය කෙරූ සිද්ධි සහ චරිත ඔස්සේ පෙන්වීමෙනි. එනම් රචකයා තම නිර්මාණය තුළින් නිරතුරුවම, යථා තත්වයෙන් මිදී යථා අර්ථය ඉදිරිපත් කිරීමට වෙහෙසී ඇත. යථාර්ථවාදී ලේඛකයාගේ කාර්‍යය විය යුත්තේ ද එයමය.
කලක පටන් පවතින දේශපාලනික වාතාවරණයෙන් අතිශයින් බැට කන පුරවැසියන් වන අපට, මෙම දේශපාලන ප්‍රපංචය තුළ සිදුවන උස්වීම් සහ පහත්වීම් අරුමක් නොවෙයි. ඦන්දයක් පේනමානයේ පවතී නම්, දේශපාලන ව්‍යුහය තුළ අරක්ගෙන සිටින බහිරවයන් සැඟවී හුන් තැන් වලින් එළියට බැස, තම දිවියේ ඉතිරි කාලය සුඛිත මුදිත කරගනුවස් අප වෙත අත පාන්නෝය. ඒ සඳහා ඔවුන් අපට 'මැජික්' පෙන්වන්නෝය. එයින් ප්‍රහර්ෂයට පත්වන අප, සන්තෝසමක් සේ අපගේ වටිනා ඦන්දය ඔවුන්ට පුදන්නේය. අවැසි දේ ඉටු වූ කල්හි එකී බහිරවන්, තම පශ්චාත් පෙදෙස පෙන්වමින් නැවතත් කොහෙට හෝ සේන්දු වී සැඟව යන්නෝය. ඉක්බිති පුරවැසියා, පෙර බලාගත්තු අත නැවත බලාගන්නේය. මෙම චක්‍රීය ක්‍රියාවලිය විචක්ණශීලි බුද්ධියකින් විමසන්නා මෙහි සන්තතික බව දෙදරවා හරින්නට සූදානම් වෙද්දී, සෙසු මුග්ධයන් ඊට ද අකුල් හෙලන්නේ, ඉහළින් වූ බහිරවයන්ගේ බත් පැකැට්ටුවෙන්, අරක්කු කාලෙන් සහ සොච්චම් මුදලින් ලැබෙන විධානයන්ට අනුවය. ඉක්බිතිව මෙම චක්‍රය නොනවතින්නේය.
'විවර්ත මාරුත' රචකයා මෙකී කටුක යථාර්ථය මැනෙවින් අවබෝධ කරගත්තෙකි. නමුත් ඔහු තම නිර්මාණය තුළින් හෙලන දෘෂ්ටිය ප්‍රමුඛව පතිත වන්නේ, අප මතට නොව, පෙර කී දේශපාලන ව්‍යුහය තුළ ලැඟුම් ගත් බහිරවයන් මතටය; ඒ බහිරවයන් මෙතෙක් පැමිණි ගමන මතටය; ඔවුන් අතර පවතින ගැටුම් මතටය. යථාර්ථවාදී රීතිය මත පිහිටන රචකයා ගේ මේ කතාව තුළින්, දේශපාලනික සමාජයේ යථා අර්ථය මත ගොඩනංවන සිද්ධි හා චරිත අතර අන්‍යෝන්‍ය සහේතුක බවක් මෙන්ම විශ්වසනීයත්වයක් මතුව ඇත්තේ එහෙයිනි. මන්ද යථාර්ථය තුළ අප මේ සියල්ල, විඳ ගනිමින් සිටියි. නමුත් එම විශ්වසනීයත්වය යම් තරමකින් දෙදරුම් කන අවස්ථාවන් ද නැත්තේමත් නොවෙයි. ඒවා පසුවට කතාබහ කරමු. කෙසේ නමුත් රචකයා මෙතුළින් ආකෘතිමය අත්හදා බැලීම් සිදුකර ඇත.
'විවර්ත මාරුත' විකාශනය වන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. එනම් රචකයා තම කතාව පාඨකයා වෙත ඉදිරිපත් කරනුයේ, යුවතියකගේ සියදිවි හානි කරගැනීමේ සිද්ධිය විමර්ශනය කිරීමට පැමිණෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ කෝණයෙනි. පෙර කී ලෙසින් ඔහු සොයාගත් කරුණු මත ගොඩනැගූ සන්තතික කතා දාමය රචකයා ඔහු තුළින් ඉදිරිපත් කරයි. දසුන් ප්‍රතාපසිංහ චරිතය කරළියට පැමිණෙන්නේ ඒ අනුවය. මන්ද එකී සන්තතික කතා දාමය ගොඩනැගෙන්නේ ඔහුගේ චරිතය පිළිබඳවය. කෙසේ නමුත් මෙම ගද්‍ය ආඛ්‍යානය විටෙක පාර ප්‍රබන්ධයක ලක්ෂණ ද මතු කරවයි. එනම් කතාන්දරයක් තුළ තවත් කතාන්දරයක් මතුවීමයි. එතුළින් පාඨකයාට සිය අවධානය යොමු කරමින් කේවල්ව, තමන්ට අයත් නොවන කතාවක් කියවීමට 'විවර්ත මාරුත' රචකයා ඉඩ තබා නැත. එනම් රචකයා, කථකයාගේ ස්වරූපයෙන් මතුව අවුත් නිරතුරුවම, පාඨකයා අමතමින් බොහෝ සිද්ධීන්ට අනුරූපව තම දර්ශනවාදී මතයන් ඉදිරිපත් කිරීමට පසුබට වී නැත. සන්තතිකව ගලාගෙන යා යුතු කතාව තුළට එකී මතයන් බලෙන්ම ඔබ්බවා තිබීම, බොහෝ අවස්ථාවලදී කියවන්නා හට යම් අපහසුකාරී හැඟීමක් ජනිත කරවන්නට සමත් වන නමුත්, කතාවේ හරය පෝෂණය කරනු පිණිස, කතාවේ ආකෘතිය විසින්ම එහි අවශ්‍යතාව ඉස්මතු කර ඇති හෙයින්, රචකයා අනුගමනය කර ඇති එකී ක්‍රියාකලාපය සාධාරණ යැයි හැඟෙයි. වඩාත් සාධනීයව සිද්ධි එකිනෙකට ගැලපීමේ දී, එකී මතයන් උපකාරී වී ඇති අයුරු සියුම් කියවීමකින් පසක් වෙයි.
රචකයා තම කතාව තුළ ගොඩනගන චරිත ඖචිත්‍යය ගුණයෙන් යුතු, පොදු හෙවත් සමාජ සාධාරණ චරිත වල ස්වරූපය ගනියි. මෙහි එන සෑම චරිතයක්ම පාහේ පොදු දේශපාලනික සමාජය තුළ අපට නිරතුරුවම මුණගැසෙන චරිත වෙයි. විශේෂයෙන්ම කතාව තුළින් ප්‍රධාන කොට ඉස්මතු කෙරෙන දසුන් ප්‍රතාපසිංහ නම් රස්තියාදුකාරයාගේ චරිතය නියෝජනය කරන සමාජමය පැතිකඩ පවතිනනේ පුළුල් වපසරියක් තුළය. සම්මත කොටගත් රස්තියාදුකාරයා නම් ලේබලය ඔහුටත් වැදී තිබුණ ද, ඔහු හිතන පතන රස්තියාදුකාරයකු ලෙස රචකයා හරි අපූරුවට ඉස්මතු කර පෙන්වන්නේ, විවිධ මාර්ග ඔස්සේ තම සිහිනයන් පසුපස හබායන පොදු මනුෂ්‍ය ප්‍රජාව, ඔහු තුළින් පාඨකයාට විද්‍යාමාන කරවමිනි. පරිපූර්ණ චරිතයක් හෙවත් පූර්ව විනිශ්චයකින් තොර චරිතයක් වූ දසුන් ප්‍රතාපසිංහ නම් චරිතය, ප්‍රත්‍යෙක චරිත ලක්ෂණ වලින් ආරෝපණය කිරීමට රචකයා කටයුතු යොදා ඇති අතර එමඟින් සෙසු චරිත අභිබවා දසුන්ගේ චරිතය ප්‍රබලව ඉස්මතු කිරීමට ඔහු සමත්ව ඇත. යථාර්ථවාදී සංකල්පය ගරු කරන නවකතාවක චරිත වල ප්‍රත්‍යෙකත්වය මෙන්ම පොදු හෙවත් සමාජ සාධාරණ ලක්ෂණ තිබිය යුතු අතර 'විවර්ත මාරුත' රචකයා එකී අවශ්‍යතාවය මනා සේ වටහාගෙන ඇති බවට පසක් වුණි. කෙසේ නමුත් දසුන් නම් චරිතය විශ්වසනීයත්වයෙන් ඒත්තු ගන්වන්නට රචකයා සමත් වූවාදැයි සැක සහිතය. රස්තියාදුකාරයකුව සිට රටේ දේශපාලන භූමිකාවේ මුල් පුටුවක් තෙක් වන ඔහුගේ ගමන, තරමක් අභව්‍ය යැයි පෙනෙන කල්හි, දසුන් ප්‍රතාපසිංහ යනු ෆැන්ටසිමය චරිතයක් සේ හඳුනාගන්නට ද පුළුවන. එහෙයින් සමස්ත කතාවේ ම පැවතිය යුතු භවිතව්‍යතා ගුණයට ද යම් තරමක හානියක් සිදුව ඇතැයි හැඟෙයි. කෙසේ නමුත් එකී ෆැන්ටසිමය චරිතය යථාර්ථය මතින් මෙහෙයවන්නට රචකයා ගෙනැති අප්‍රමාණ උත්සහය නම් අගය කළ යුතුය.
මෙම කෘතිය සඳහා පාදක කොටගත් රචකයාගේ අනුභූතිය සැලකීමේ දී, මෙහි එන පෙරවදනෙහි සඳහන් පරිදි, තම විශ්වවිද්‍යාල සමයෙහි ලබාගත් අත්දැකීමක් ඔහු පොදු අත්දැකීමක් බවට ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 'විවර්ත මාරුත' බිහිව ඇත. තම පරිකල්පන ශක්තිය මනා සේ භාවිතා කරමින්, තමා සතු වාංමාලාව නිසි පරිදි හසුරුවමින්, එනයින් වාග් චිත්‍ර හෙවත් සංකල්ප රූප පාඨක සිතේ ජනිත කරවන්නට මේ රචකයා සතුව ඇත්තේ මනා ශක්‍යතාවයකි. තවද ඔහු තම පරිකල්පන ශක්තිය භාවිතා කරමින්, කතාවේ එන චරිත වල සිතෙහි හටගන්නා යම් යම් භාවයන් තීව්‍ර කිරීමට හේතුවන විවිධාකාර විභාවන් කතාව තුළ යොදාගෙන ඇති ආකාරය ද ප්‍රශංසනීය වෙයි. තවද කතාව තුළ මනා කුතුහලයක් රදවා ගැනීමට මෙන්ම යම් යම් උග්‍රාවස්ථාවන් හමුවේ පාඨකයා තුළ සන්දේහයක් ජනිත කරවීමට රචකයා සූක්ෂම වී ඇත. කෙසේ වුවද කතාවේ එන සමහර සිදුවීම් ක්‍රමානුකූලව ගොඩනගන නමුත් හදිසියේම එය අතහැර දමන රචකයා, එහි ඉතිරිය, ඊළඟ කොටස තුළ අවශේෂව පවතින සිදුවීමක් සේ ගෙනහැර දක්වයි. එය කතාවේ සන්තතික බවට යම් සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇතැයි හැඟේ.
රචකයාගේ භාෂාව අර්ථව්‍යක්ති ගුණයෙන් යුක්තය. ඔහු තමා සතු වාංමාලාව පැහැදිලි සහ නිරවුල් අදහසක් ප්‍රකාශනයක් සඳහා මනා සේ හසුරුවයි. එයාකාරයෙන් අර්ථ ප්‍රකාශනය සඳහා වචන භාවිතා කිරීමේදී, ඒවායේ සමහර කොටස් අවධාරණයෙන් යුතුව යොදාගෙන ඇති අතර එමඟින්, අපේක්ෂිත අර්ථය තීව්‍ර කිරීම රචකයා ගෙ අරමුණ වී ඇති බව පසක් වෙයි. තවද අපූර්ව වූ ඖචිත්‍යය ගුණයෙන් යුතු උපමා සහ රූපක මෙහි භාවිතයේ යොදවා ඇත. තවද නවකතාව තුළ වර්ණනාවට නැතහොත් විස්තරකරණයට සැලකිය යුතු අවධානයක් රචකයා යොමුකොට ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් දිගහරින ලද දසුන් ගේ කතාවේ එන සිද්ධි, ඛණ්ඩනයේ දී වඩාත් කුතුහලය දනවන මෙන්ම වඩාත් සන්දේහයෙන් යුතු ස්ථාන වෙත තම වැඩි අවධානය රචකයා ලබා දී ඇත. එමෙන්ම දෙබස් රචනයේදී සාමාන්‍ය කථන භාෂාව යොදාගැනීමට ඔහු කටයුතු කර ඇති අතර එය, නවකතාවේ යථාරූපී බව පාඨක මනසට තවතවත් තහවුරු කරවීමට උපකාරී වී ඇත. කෙසේ නමුත් රචකයාගේ 'උන්මාත' කෘතිය තුළින් දුටු ඒ බන්ධිත දිගු වාක්‍ය රටාව මෙතුළින් විද්‍යාමාන වී නැත.
ඉඳින්, දේශපානික සන්දර්භයක ගොඩනැගෙන මෙකී ගද්‍ය ආඛ්‍යානය, ලාංකේය දේශපාලනික වංශකතාවේ එක්තරා කූට පරිච්ඡේදයක හෙළිදරව්වක් වන බව පැවසීම අතිශයෝක්තියක් නම් නොවෙයි. කොළඹ හතේ නිවසකින් හමුවන විෂක් ශරීරගත කරගනිමින් සියදිවි නසාගත් යුවතියකගේ විමර්ශනයෙන් සොයා ගන්නා ලද තොරතුරු, සංස්කෘතික රාමුවල සිරව සිටිනා මිනිසුන්ගේ සියලු පද්ධතීන් අභියෝගයට ලක් කරනා බොහිමියානුවෙකු තෙක් මාර්ගය පාදන්නේ යැයි කෙසේ විශ්වාස කරන්නද? කතාව පුරාවටම පවතින ඔහුගේ 'අව්‍යාජමය මන්දහාසය', ඔහුගේ ම කතාවේ අහුකොන් වල වූ නොකියූ කතා බොහෝමයකට අරුත් සපයන්නේය.
✍🏻 | දුල්ශාන් සංජය වන්ද්‍රසිරි

Additional information
Weight | 0.46 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 399 |
Be the first to review “විවර්ත මාරුත – Viwartha Marutha” Cancel reply
Related products
නිහඬ මංමාවත් – Nihada Manmawath
0.25 kg
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
මාණික්කාවත – Manikkawatha
0.23 kg
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
යක්ඛරාජ – Yakkaraja
0.28 kg
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
බෝම්බ තුනක් – Bomba Thunak
0.28 kg
Out of stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
දමරඣ – Damarajha
0.65 kg
Out of stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Reviews
There are no reviews yet.