ආදිපාදවරයා සහ මම - Adipadawaraya saha mama | egenumabooks.lk

ආදිපාදවරයා සහ මම – Adipadawaraya saha mama

Weight 0.64 kg
Author

Publisher

Pages

511

SKU: B320

රු2,100.00 Original price was: රු2,100.00.රු1,680.00Current price is: රු1,680.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

රාජ්‍යාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත‍්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පංතියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත‍්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬඟු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි… ඒත් එතරම්ම සුහද විය යුතු නැත.
ඒ දෙවැන්න කරන්නට ඩැෆ්නි බි‍්‍රජටන් කිසිදාක සමත් වූයේ නැත. ඉතා සමීප ලෙසින් එකිනෙකා ආශ‍්‍රය කරන අට දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියා වූ ඇය ලන්ඩනයේ විවාහයට වඩාත් ම සුදුසු තරුණයන් සමග මිතු දම් ඇති කරගත්තා ය. ඇය ගේ දයාන්විත හැදියාව සහ තීක්ෂණ භාෂණය සියල්ලන් විසින් ම ප‍්‍රිය කළහ. ඒත් කිසිවෙක් ඇයට සැබෑ ලාලසාවක් දැක්වූයේ නැත. එවැන්නක් දැක්වීමට නොහැකි ආකාරයකින්, තරුණ මහත්වරුන් ගේ සිත් අල්ලා ගන්නට කරන රොමැන්තික වූ මායම් පෑමට ඇති අකමැත්ත හෙයින් ඇය සරලව ම අවංක වූවා ය.
හේස්ටින්ස්ග් හි ආදිපාදවරයා වූ සයිමන් බැසට් සුහදත්වය යන හැදියාව හුරු කරගත්තෙක් නොවූයේ ය. විදේශ සංචාරයෙන් පසුව මෑතක දී එංගලන්තයට ආපසු පැමිණ සිටින ඔහු සමාජයත් විවාහයත් යන දෙක ම අත් හැර සිටින්නට තීරණය කරන ලද්දෙකි. ඒ ඔහු ගේ දුක්බර ළමා කාලයේ දී ඔහු ගේ පියා ඔහුව අත්හැර දමා සිටින ලද ලෙසින්ම යි. එහෙත්, ඔහු ගේ හොඳම යාළුවා ගේ නැගණිය හමුවීමෙන් ඔහුට තවත් තෝරා ගැනීමක් ලැබී ඇත. ඔවුන් දෙදෙනා විවාහයක් වෙනුවෙන් ඇසුරු කරනවා යැයි සමාජයට බොරුවට පෙන්වන්නට ඩැෆ්නි කැමති වෙනවා නම්, විවාහයට සුදුසු යැයි කියමින් තම දියණියන් ඔහු ඉදිරියට තල්ලූ කරන මවුවරුන්ගෙන් ගැලවී ඉන්නට සයිමන්ට හැකියි. ඒ අතරතුරේ දී ඩැෆ්නිගේ විවාහ යෝජනා වැඩි වීමෙන් ඇය ගේ තත්ත්වය තවත් ඉහළ යනු ඇත.
ඒ සැලැස්ම අකුරට ම වැඩ කරන ලද්දේ ය. පටන් ගැන්මේ දී. එහෙත් ලන්ඩන් වංශවතුන් ගේ බැබළෙන, ඕපා¥ප පිරුණ, බෙලි කපන, ලෝකයේ වූයේ එකම එක නිශ්චිත බවක් පමණකි. එනම්, ආදරය විසින් සියලූ රීති අත් හැර දමන බව පමණකි…

Additional information

Weight 0.64 kg
Author

Publisher

Pages

511

Reviews

There are no reviews yet.

Be the first to review “ආදිපාදවරයා සහ මම – Adipadawaraya saha mama”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.