ආග්‍රා වලව්ව – Agra Walawwa
Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.කුරිරු දෛවය – Kuriru Daiwaya
Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.බිඳුණු පසු හදවත – Bidunu Pasu Hadawatha
රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.
බිඳුණු පසු හදවත – Bidunu Pasu Hadawatha
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
Description
බිඳුණු පසු හදවත – Bidunu Pasu Hadawatha
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
ඇයට මතක ඇති කාලයේ පටන්ම ඉවැන්ජලීන් ෆොක්ස් සත්‍ය ප්‍රේමය සහ සතුටෙන් පිරුණු අවසාන ගැන විශ්වාස කළාය. නමුදු ඒ ඇගේ ආදරය වෙනත් අයකු සමග විවාහ වීමට යන බව දැන ගන්නා තුරු පමණි. මංගල උත්සවය නතර කිරීමට සහ ඇගේ බිඳුණු හදවත සුවපත් කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වෙන ඉවැන්ජලින් ආකර්ෂණීය නමුදු කූරිරු හදවත් කුමරු සමග සම්මුතියකට එළඹෙන්නිය. ඔහුගේ උපකාරය වෙනුවෙන් ඔහු ඇගෙන් හාදු තුනක් ඉල්ලයි. එම භාදු තුන ලබා දිය යුත්තේ ඔහු තෝරා ගත් ස්ථානවලදි, තෝරා ගත් වේලාවන්ටයි.
එසේ වුවද, ඇගේ පොරොන්දු වූ පළමු හාදුවෙන් අනතුරුව අමරණීයයකු සමග ගනුදෙනු කිරිම භයානක කාර්යයක් බව ඉවැන්ජලින් වටහා ගන්නිය-ඇය පොරොන්දු වූවාට වඩා විශාල යමක් හදවත් කුමරු ඇගෙන් බලාපොරොත්තු වෙන බවද ඇයට වැටහේ. ඔහු ළඟ ඉවැන්ජලීන් වෙනුවෙන් සැලසුම් තිබේ. එම සැලසුම් අපූරුම සතුටෙන් පිරුණු අවසානයක් හෝ විශිෂ්ටම ඛේදාන්තයක් උදා කරනු ඇත…
Once Upon a Broken Heart නවකතාව ඔබ හමුවේ තබන්නේ ඉවැන්ජලීන් ෆොක්ස්ගේ කතාවයි. සිය ප්‍රථම ප්‍රේමය අහිමි වෙන මෙම යුවතිය එසේ වන්නට ඇත්තේ තම පෙම්වතාට කවුරුන් හෝ ශාප කළ නිසා බව සලකා, එම විවාහය නවතා ඔහුව බේරා ගැනීමේ අදිටනින් ඇය ජීවත් වෙන ලෝකයේ කොටසක් වන ෆේට්වරුන් නමැති අමරණීයයන් අතරින් බිඳුණු හදවත්වලට අධිපති යයි සැලකෙන හදවත් කුමරු සොයා යයි. එතැනදී හදවත් කුමරු ජැක්ස් ඉවැන්ජලීන්ගේ හාදු තුනක් වෙනුවෙන් ඇගේ පැතුම ඉෂ්ට කිරීමට ඇයත් සමග සම්මුතියකට එළඹෙයි. නමුදු මෙම හාදු තුන ඉවැන්ජලීන් දිය යුත්තේ ඔහු තෝරා ගත් පුද්ගලයන්ට, ඔහු තෝරා ගත් වේලාවන්ටයි. ෆේට්වරුන් සමග කිසිදු සම්මුතියකට නොඑළඹෙන්න යන අවවාදය ඇගේ සමාජයේ තිබෙන්නේ මන්ද යන්න ඉවැන්ජලීන්ට පැහැදිලි වෙන විටත් ඇය එවැනි සම්මුතියකට එළඹී හමාරය. ඉතින් ඉවැන්ජලීන් සහ ජැක්ස් අතර ඇති මෙම සම්මුතිය හා ඉවැන්ජලීන් හට මුහුණ දීමට සිදු වෙන සිද්ධීන් ආදියෙන් මෙම කතාව සමන්විත වේ. ඔබට ඉවැන්ජලීන් සමග මෙරිඩියන් අධිරාජ්‍යයේ වලෙන්ඩාවේ සිට අපූර්ව උතුරට ගමන් කරමින් විස්මයජනක මායා ලෝකයක් ගවේෂණය කිරීමට අවස්ථාව උදා වේ.
ඔබ ස්ටෙෆනි ගාබර් විසින් රචිත Caraval නවකතා මාලාව කියවා ඇත්නම් ඔබට මෙම ෆැන්ටසි කතාවේ එන ලෝකය අමුතු යමක් නොවෙනු ඇත. එම Caraval කතා මාලාවේ සිටින සමහර චරිත මෙම Once Upon a Broken Heart නවකතා මාලාවේත් දක්නට ලැබුණද එම පළමු කතා මාලාව නොකියවූ අයකුට පවා මෙම කතා මාලාව රසවිඳීමට කිසිදු අපහසුතාවයක් නැත. කිමද මෙය ඉවැන්ජලීන් නම් අලුත් චරිතයේ කතාවයි. එමෙන්ම, කතුවරිය ඉවැන්ජලීන්ගේ කතාව වටහා ගැනීමට අවශ්‍ය කරන සියලුම තොරතුරු මෙම නවකතා මාලාවේ ඇතුළත් කර තිබේ.
Additional information
| Weight | 0.53 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 403 |






Reviews
There are no reviews yet.