ආදරයට Law of Attraction (Adarayata Law of Attraction)
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.කාදල් ( Kaadhal ) | i & U
රු2,900.00
i & U – හමුවේද යළි ඒ මාවතේ…
Gayashan Sanjaya – ගයාශාන් සංජය
Hashini Wijenayaka – හෂිනි විජේනායක
කාදල් ( Kaadhal )
Mukesh Dew – මුකේෂ් දේව්
Description
කාදල් ( Kaadhal )
Mukesh Dew – මුකේෂ් දේව්
කවිකාර හමුවීම්…! ජීවිතේට සිද්ධ වෙන්නෙ එකපාරයි…! ඒ හමුවීම් විස්තර කරන්න වචන මං ළඟ නැහැ, ඒ නිසාමයි අපි ඒවට කවිකාර හමුවීම් කියන්නේ.කලින් තියාම ලියවුණ නමුත් අපි අහඹුවක් කියලා හිතාගත්ත දවසක වෙන සිදුවීම්…!මතකයන්…! අපි ඒවට අහම්බකාරක කියනවා…! අහඹුවේ හාදුවන් තැවරුන සුන්දර හුදෙකලාවක ඉන්නකොට දැනෙන ඒ හුරු නුහුරු ගතිය මේවා මනුස්සයෙක්ට කොහොම මං මේවා අකුරු කරන්නද කියලා නොතේරෙන තැන්..! ඒක හරියට නිකම් වැස්ස වෙලාවක, වැස්ස දිහා බලාගෙන අපි ආසම කෙනාගේ උණුහුමේ ගෑවි නොගෑවි ඉන්න ගමන් අයිස්ක්‍රීම් කනවා වගේ…!
ආදරේ කියන මායාවට කෙනාගෙන් කෙනාට නොයෙක් නිර්වචන ඇති…! නමුත් මං ගාව තියෙන්නෙ එකම හේතුවයි…”මගෙ මොට්ටුකාරී…!”
ඉතිං…අහඹුවේ සුවඳ තැවරුන පිටු අතර ගෙවෙනා නිමේශයන් වල පහස විඳගන්න ඔයා ලැහැස්ති ද…?
කෝඩුකාර අහම්බයක ලියවුණ තෝඩු සංගීතයක කතාවක්…!
හමුවේද යළි ඒ මාවතේ…
i & U
“මචන් උඹ දන්නවද? ගොඩක් පිරිමි ගැහැනියකට ආදරය කරන්න පටන් ගන්නේ අත්හරින්න බලාගෙන. හැබැයි ගෑනු එහෙම නෑ. ගෑනු ආදරය කරන්න ගත්තාම උන් උන්ගේ මුළු ආත්මයෙන්ම ආදරය කරනවා. උන්ගේ ආදරයෙන් පිරිමියාව වෙළාගන්නවා ගැළවිලා යන්න බැරි තරමටම. එහෙම තියෙද්දිත් පිරිමියා ගැළවිලා යන්න උත්සාහ කරද්දි ගෑනු ඒකත් ඉවසනවා. ඉවසන්න පුළුවන් අන්තිම සීමාව වෙනකල්ම ඉවසනවා. හැබැයි උන්ගේ ඒ සීමාව පනින තැනදි ගැහැනු අත් හැරලා දානවා. සදහටම!”
——————————-
“ජීවිතේ හැමදේම වෙනස් වෙන්න පොඩි වෙලාවක් ඇතිනේද? ඔයා බය වෙන්න එපා ඔයා මට ආදරේ කරන්න ගත්ත තීරණයට ඔයාට කවදාවත් පසුතැවිලි වෙන්න මම ඉඩ තියන්නේ නෑ…”
Additional information
| Weight | 5.5 kg |
|---|---|
| Author | |
| Publisher |








Reviews
There are no reviews yet.