කළු කඳුලේ උමං මග - Kalu Kandule Uman Maga | egenumabooks.lk

කළු කඳුලේ උමං මග – Kalu Kandule Uman Maga

Weight 0.5 kg
Author

Publisher

Pages

383

SKU: B395

රු1,350.00 Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock
The Underground Railroad
Novel by Colson Whitehead
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කෝරා, 19 වැනි ශතවර්ශයේ අමරිකාවේ ජෝර්ජියාහි වතු යායක ජීවත්වූ අප්රිකානු වහල් යුවතියකි. ඇයගේ මුළු පවුලම වහලුන් වූ අතර ඇයගේ මව වූ මේබල් එම වතු යායෙන් මිදී පලාගියේ කෝරා ද තනිකර දමමිනි. ඔවුන්ගේ වතුයාය හිමි ස්වාමියාගේ කුරිරු අඩතේට්ටම් ඉවසාගන්නට නොහැකි තැන කෝරා සහ ඇගේ හොඳම මිතුරා වූ සීසර් වතුයායෙන් පලායාමට සැලසුම් කළහ. එහිදී ඔවුන් දෙදෙනාට අහඹු ලෙස රහසිගත උමං දුම්රිය මාර්ගයක් හමුවූ අතර එම දුම්රියේ නැගුනු දෙදෙනා දකුණු කැරොලිනාවට පලා ගියහ.
නමුත් වහල් වෙළෙන්දෙකු වූ රිජ්වේ ඔවුන් දෙදෙනා පසුපස ලුහුබැඳ ගියේ කෝරා සමග ඔහුගේ තිබූ පෞද්ගලික තරහක් ද පිරිමැසීමට ද අදිටන් කරගනිමිනි. ඒ කෝරාගේ මව වූ මේබල් ඔහුගෙන් මිදී පළාගිය සහ නැවත අල්ලා ගැනීමට නොහැකිවූ එකම අප්රිකානු වහලා වූ බැවිනි. රිජ්වේගේ හඹා ඒම හමුවේ කෝරා සහ සීසර්ට නැවත පලායාමට සිදුවිය. රිජ්වේට හසුවූ සීසර් මරණයට පත්වූ අතර කෝරා ඔහුගෙන් මිදී උතුරු කැරොලිනාවටත් එතැනින් ඉන්ඩියානාවටත් පලාගියාය. ඉන්ඩියානා හිදී ඇයට වහල් බවින් නිදහසලත් සහ තමාගේම වතුයායක හිමිකරුවෙකු වූ තවත් අප්රිකානු ජාතික තරුණයෙකු වූ වැලටයින් හමුවූ අතර ඔහු කෝරා හට පිහිටට පැමිණියේ ප්රේමයේ දෑතද දිගු කරමිනි.
මේ සියල්ල මැද වුවද රිජ්වේ ඇය පසුපස හඹා ඒම කිසිවිටකත් නවතා දැමුවේ නැත.
ඇමරිකානු ජාතික Colson Whitehead විසින් රචිත අතීතයේ ඇමරිකාව තුළ පැතිරී තිබූ අප්රිකානු වහල් සේවයේ අඳුරු සහ කුරිරු පැතිකඩ පෙන්වා දෙන කතාවක් වූ The underground railroad නම්වූ කෘතිය ප්රකාශයට පත්වූයේ 2016 දීය. හද කම්පා කරවන සුළු වූ මෙම නවකතාව ලොවපුරා ඉතා සීග්රයෙන් අලෙවි වූ අතර සම්මාන ගණනාවකටද හිමිකම් කීවේය. මෙම නවකතාව එය නිකුත්වූ වසරේදීම Pulitzer Prize for fiction සහ National Book Award for Fiction මෙන්ම Athur C Clark Award යන සම්මාන දිනා ගත් අතර 2017 වසරේදී Andrew Carngie Medal for Excellence සම්මානයද දිනා ගත්තේය. මෙම නවකතාවේ අතිශය ජනප්රියභාවය නිසාම එය රූපවාහිනි කතාමාලාවකට නැගුනු අතර එය 2021 දී විකාශනය කෙරිනි.
The Underground Railroad කෘතිය “කළු කඳුලේ උමං මග” නමින් එළඹෙන සැප්තැම්බර් පොත් වසන්තයේදී ආශිර්වාද ප්රකාශකයන් වෙතින් ශ්රී ලංකාවේ ජනප්රියතම පරිවර්තක කුමාර සිරිවර්ධනයන්ගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස ලබාගත හැකිය.

Additional information

Weight 0.5 kg
Author

Publisher

Pages

383

Reviews

There are no reviews yet.

Be the first to review “කළු කඳුලේ උමං මග – Kalu Kandule Uman Maga”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.