දවසක් දා හැන්දෑවක – Dawasak Da Handawaka
Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.මං චිත්‍රපටියක – Man Chithrapatiyaka
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.Description
කර්මක්ෂ – Karmaksha
Kanchana Priyakantha – කාංචනා ප්‍රියකාන්ත
2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත
අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පිටස්තරයන් මෙන්ම අපේ යටි සිත් ද අපමණ වාරයක් අපට පවසා තිබේ. ඇස් කඩාගෙන යන අයස්කාන්ත පෙනුමකට උරුම කම් නොකීවද, ඇය අප කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කිරීමට අසීරු තරමේ ආකර්ෂණයකින් හෙබි බව අප සියල්ලන්ටම අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදු වීම, අප ලද එක්තරා මානසික ජයග‍්‍රහණයක් බව පැවසිය යුතුම ය.
මනාව පිහිටි අඟපසඟින් යුතු සෘජු ශරීරයකටද, අඳුරු පැහැයට සමීප සමකටද උරුමකම් කී ඇගේ මුහුණේ වූ දිගැටි නෙත් ඉතා දීප්තිමත් වූ අතර එහි ශෝකී පෙනුමක් ඇති බව අපි නිතර එකිනෙකා සමග පැවසීමු. ඇගේ නෙත් වල ශෝකී බවක් පෙනෙන්නේ අපටම පමණක්ද යන්න සැක කිරීමට ප‍්‍රමාණවත් තරම් සාක්ෂි බොහෝ තිබුණද, අපි ඒවා සැලකිල්ලට ගැනීමට තරම් උද්යෝගිමත් නොවීමු. හුරුබුහුටි නැහැය ඇගේ මුහුණට තියුණු බවක් එක් කොට තිබුණු අතර, පිරිපුන් මාංසල දෙතොල් ඇයට සරාගී පෙනුමක් උරුම කර දී තිබුණි.
Additional information
| Weight | 0.15 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 73 |

Reviews
There are no reviews yet.