කලම්බො - Colombo | egenumabooks.lk

කලම්බො – Colombo

Weight 0.29 kg
Author

Publisher

Pages

301

SKU: B202
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ඔහුගේ කෘති අතරින් මුලින්ම මම කියෙව්වේ “නිල් කට්රොල්” නව කතාව.ඊළඟට “ලොවීනා”..”ලොවීනා” ඉවර වුණු ගමන් “කලම්බො”.එක පොතක් ඉවර වුණු ගමන්ම තවත් පොතක්.. කියවන ඇස්,විඳින හිත් වචනයෙන් ග්‍රහණයට නතු කරගන්න සුන්දර ඉන්ද්‍රජාලිකයා..මොහාන් රාජ් මඩවල කතුවරයාගේ” “කලම්බො” නව කතාව හරහා දෑසින් නොදුටු අතීතයක් මනසින් දැකීමත් එක්ක කෙටි සටහනක් ලියන්න හිතුණා.

චිත්ත රූප ජනනය කරන ළගන්නා භාෂා භාවිතය මේ කතුවරයා සම්බන්ධව මම දුටු සුවිශේෂී ලක්ෂණයක්.අනෙක් කෘති තුළ මෙන්ම “කලම්බො” නව කතාවේත් මුල ඉඳන්ම කියවන ඇස්,විඳින හිත් ග්‍රහණය කරගන්න ඔහු පොත අවසානය වනතෙක්ම පාඨකයා පොතේම රඳවා තබා ගන්නා හැටි හරිම සුන්දරයි.ඉතා සෞම්‍යව ගලා යන සිය භාෂා ශෛලිය අතරින් මොහාන් රාජ් මඩවල කතුවරයා පාඨකයාට ජීවිතය දකින්නට,විඳින්නට සලස්වනවා.මේ කෘතිය තුළින් ජීවිතයේ සතුට,සැනසුම,දුක,කඳුළ,වේදනා සියල්ල හදවතින්ම විඳින පාඨකයා අවසානයේ කතුවරයා ඉදිරිපත් කරන කතාව මනසින් දුටු පුද්ගලයන් බවට පත් වෙනවා.ඒ ඔහු ගේ චිත්ත රූප මවන විශිෂ්ට භාෂා ව්‍යවහාරය නිසාමයි..

ඒබරං,අව්රේලියා,සැම්සන්,එව්ලින්, එළිසබෙත් ආදී මෙම නිර්මාණය තුළ ඉදිරිපත් කෙරෙන චරිත තමන්ගේම ජීවිතය තුළ හමු වූ පුද්ගලයන් ලෙස පාඨකයාට දැනෙන තරමට කතාව හිත් වලට සමීප කරන කතුවරයා දෑසින් නොදුටු අතීතයක් සිතින් දකින්නට මඟ විවර කොට නව කතාවේ ඉදිරිය මනසින් ගොඩ නඟා ගැනීමට පාඨකයාට මඟ පෙන්වා ඉතා සාර්ථකව නව කතාව නිම කරනවා.

පොත ඉවර වෙයි කියලා ලෝභකමෙන් ඒත් අවසානය දක්වා එක හුස්මට කියවලා ඉවර කරන්න නොඉවසිල්ලෙන් හිටපු මම පොත ඉවර වුණු ගමන් බැලුවේ ඊළඟට කියවන්න ඉන්න මොහාන් රාජ් මඩවල කතුවරයාගේ “රැජින” නව කතාව දිහා..අවසානයක්!ඒත් ඔහුගේම තවත් පොතක් කියවීමේ බලාපොරොත්තුවත් එක්ක..

– හංසනී ත්‍යාගා දිසානායක –

Additional information

Weight 0.29 kg
Author

Publisher

Pages

301

Reviews

There are no reviews yet.

Be the first to review “කලම්බො – Colombo”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.