මුතු මණ්ඩපම් - Muthu mandapam | egenumabooks.lk

මුතු මණ්ඩපම් – Muthu mandapam

Weight 0.43 kg
Author

Publisher

Pages

334

SKU: B3199

රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock

මුතු මණ්ඩපම් – Muthu mandapam

Priyanka Amarathunga – ප්‍රියංකා අමරතුංග

Sarasavi Publishers – සරසවි ප්‍රකාශකයෝ

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“නිල් පැහැති අහස් තලය පසුබිම් කරගෙන වලාකුළු පෙරහැර කොතැනක යන්නේද? එය අවමංගල පෙරහැරක් වැනි යයි ඔබට සිතෙන්නේ නොමැතිද දේවිය?”
මගේ සිත කීරි ගැසිණ. එහෙත් ආයාසයෙන් ශෝකය මැඩ පවත්වා ගත් මම ඔහුගේ වේදනා දෙන අත සෙමෙන් පිරිමැද්දෙමි.
“එය අවමංගල පෙරහැරක් ලෙසින් මම නොදකිමි රජතුමනි. මට එය පෙනෙන්නේ දළදා පෙරහැර ලෙසින්. සුදු වලාකුළු මා දකින්නේ හස්තීන් ලෙසින්. දුටුවේද රජතුමනි අර විශාල වලාකුළ දළදා කරඬුව පිට මත තබාගෙන සිටින හස්තියකු ලෙසින් දිස් වන අයුරු?”
“සැබෑමයි.”
ඔහු වේදනාත්මක මඳ සිනාවක් නැගුවේය.
“නමුත් එහි හැඩය කෙමෙන් නැති වී යනවා. දැන් මට එය දිස්වන්නේ කිරුළ අහිමි වූ රජකුගේ ස්වභාවයෙන්.”
“කිරුළ අහිමි වී නැත රජතුමනි. දුටුවේද ඈත් වී තිබූ කිරුළ යළිත් ඔහු කරා පැමිණෙන ආකාරය? සැන්දෑ හිරු රැසින් රන් පැහැගත් එය දිස්වන්නේ රන් කිරුළක් ලෙසිනුයි.’

“විටෙක ඔබ ද කුඩා දැරියක් මෙහි දේවිය… ඔබට මතකද දියතිලක මණ්ඩපයට අප ගිය ඇතැම් රාත්‍රීන් වල වලාකුළු සහ තාරකා රටාවන් දෙස බලාගෙන ඔබ පබඳින කව් පද? මා නිසා ඔබේ කවි සිත මියගියාදැයි මට විටෙක සිතෙනවා.”
“නැත රජතුමනි. තවමත් මගේ ජීවිතයේ කව් උල්පත ඔබයි. පන්හිඳෙන් තල්පතක සටහන් නොකළ ද, ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් මගේ සිත තුළ කවි පද උපදිනවා.”

Additional information

Weight 0.43 kg
Author

Publisher

Pages

334

Reviews

There are no reviews yet.

Be the first to review “මුතු මණ්ඩපම් – Muthu mandapam”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.