හඩන විල – Handana Wila
Original price was: රු900.00.රු720.00Current price is: රු720.00.විජ්ජුලතා – Wijjulatha
Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.පතොක් මලක් – Pathok Malak
රු1,400.00 Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.
Email when stock available
Description
“කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?” අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය.
“කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ.මුල ඉදන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.
“මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ.ඔයා මුල ඉදන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් ප්රශ්නයක් නෙවෙයි.”
“එහෙනම් මෙහෙමවත් පටන් ගමුකෝ නංගි.මේක නංගිට මතකද දන්නේ නැහැ,මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉදන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා.එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ මම ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ.ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා.”
“මොකද්ද කැපා අයියේ ඒ ?”
“ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලයකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබ්බ අහිංසක ලස්සනක් ඔයාගේ තිබිලා තිබුණා.අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියනවා.”
අස්ලි සිනාසුණේය.ඒ සිනහව සරදමත් සතුටත් එකට මුසුවු සිනහවක් විය.
Additional information
| Weight | 0.35 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 284 |

Reviews
There are no reviews yet.