අම්මා – Amma
Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00.ඇබ්නුක්ටා – Abnukta
Original price was: රු950.00.රු810.00Current price is: රු810.00.අත්ලන්තීදාවේ අවසාන මිනිසා – Athlantheedawe Awasana Minisa
රු950.00 Original price was: රු950.00.රු810.00Current price is: රු810.00.
අත්ලන්තීදාවේ අවසාන මිනිසා – Athlantheedawe Awasana Minisa
Pushpa Ranjan Wijesinghe – පුෂ්ප රංජන් විජේසිංහ
Description
අත්ලන්තීදාවේ අවසාන මිනිසා – Athlantheedawe Awasana Minisa
Pushpa Ranjan Wijesinghe – පුෂ්ප රංජන් විජේසිංහ
ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද්‍ය උපදෙස් මත සිය ව්‍යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ ‘අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය’ නම් ග්‍රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය.
ගවේෂණයේ ප්‍රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ්‍රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත්‍ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිසන්ගේ වෘත්තාන්තය, වෘන්තාන්තයක් සඳහා අතිශයින් විද්‍යාත්මකය. විද්‍යාව සඳහාද බොහෝ සෙයින් ශෘංගාරාත්මකය.
ලැරිසන්ගේ අත්පිටපත ඔස්සේ සයුරු දියේ නොපෙනී ගිය අත්ලන්තීදාවේ අද්විතීය බව, එහි වහලුන්ගේ නිදහස් අරගලයේ කාහල නාදය මෙන්ම සීමා නැති ආදරයේ ප්‍රතිමූර්තීන් සිය නිර්මාණශීලීත්වයේ දඬුඅඬුවට හසු කර ගනිමින් බිල්යායෙෆ් ‘අත්ලන්තීදාවේ අවසාන මිනිසා’ වියමන නිම කරන්නේය. බිල්යායෙෆ්ගේ ‘උභයජීව’ හා ‘කුංචනාද’ ග්‍රන්ථ සිංහල පාඨකයාගේ මන දොළ රසාලිප්ත කල අයුරෙන්ම, ඔහුගේ මේ අසමසම අත්ලාන්ත වියමනද ඔවුන් ආනන්දයට පත් කරනු නිසැකය.
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 184 |

Reviews
There are no reviews yet.