කොළඹ ගණිකාවෝ - Colamba Ganikawo | egenumabooks.lk

කොළඹ ගණිකාවෝ – Colamba Ganikawo

Weight 0.3 kg
Author

Publisher

SKU: B128

රු750.00 Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“ගණිකාවෝ” යන වදන කන වැකෙත්ම අපේ මනසෙහි ඇඳී යන්නේ වීදියක කොන තම සිරුර විකිණීමේ අභිලාෂයෙන් යුතුව මග බලමින්, බලාපොරොත්තුවෙන් සිටගෙන සිටිනා ස්ත්‍රියක් නොවේද? නමුත් ඒ අතීතයේ ගණිකාවන් ය. වත්මන් සමාජයේ සියලුම ගණිකාවන් වීදි කොනක සිටගෙන ගනුදෙනුකරුවකු බලාපොරොත්තුවෙන් කල් මරන්නේ නැත. වත්මන් ගණිකාව විවිධ ස්වරූප වලින් තමන්ගේ භූමිකාව රඟ දක්වන අතර අතීතයේ ගණිකාවකගේ තත්වයට ස්ත්‍රියක් පත්වන්නේ තම කුටුම්බයෙහි වූ අගහිඟකම්, තම වැන්දඹුභාවය සහ සැමියාගේ නොහොබිනා පුරුදු හෝ ස්ත්‍රීත්වය වැරදීම හේතුවෙනි. ඔවුන් තම සිරුර විකුණා තම ජීවිතයත්, තමන්ගෙන් යැපෙන්නන්ගේ ජීවිතයත් පවත්වාගෙන ගියේය. නමුත් වත්මන් ගණිකාවන් අතරින් සියල්ලන්ම මෙකී අරමුණු අරභයා ගණිකා වෘත්තියේ නොයෙදෙන අතර එයට විවිධ අරමුණු ඇත. කතුවරයා මෙම කෘතිය ඔස්සේ එම ආවරණ ඉරා ගලවා සමාජයට කීමට තැත් කරන්නේ එය බව මගේ හැඟීමයි.

යම්කිසි ගණුදෙනුවක් උදෙසා තම සිරුර ලිංගිකව එක්වීමට දෙන ඕනෑම කාන්තාවක් ගණිකාවක ලෙස හැඳින්වීමට කතුවරයාට ඇති නිර්භීතකම ප්‍රශංසා කිරීමට වටිනාසුළුය. ඔහු වීදි ගණිකාව පමණක් ගණිකාවගේ කුලකයට ඇතුලත් නොකරන අතර උසස් වීම් වෙනුවෙන් ආයතන ප්‍රධානීන් සමග නිදිවදින ගැහැණුත්, තම තනතුරු රැකගැනීම උදෙසා උසස් නිලධාරීන් සමග නිදිවදින ගැහැණුත් ගණිකාවන් බව පවසන්නේ පැකිලීමකින් තොරවය. එය සත්‍යයක් නොවේද? උසස් ප්‍රභූ සමාජය තුළද ගණිකාවන් බහුල අතර ඔවුන් සියලු දෙනාගේම අරමුණ ගණිකා වෘත්තියේ යෙදීමෙන් මුදල් උපයා ගැනීම නොවන අතර ලිංගික සතුට සොයා නිදිවදින ප්‍රසිද්ධ ගැහැණුන් පිළිබඳවද කතුවරයා මෙහි විස්තර කරයි. ඔවුන්ද ගණිකාවන් බව පවසන්නේ පෙරකී වීදි ගණිකාවන් පිළිබඳ පැවසූ ලෙසටමය.

කතුවරයා ගණිකා වෘත්තිය තුළ අඟහිඟකම් හේතුවෙන් සහ අපහසුතා හේතුවෙන් අකමැත්තෙන් යෙදෙන ස්ත්‍රීන් හට අනුකම්පාවේ සළුවත්, එම යථාර්ථයෙන් එහා ගිය ගණිකාවන් හට තම තමන්ගේ සිතුවිලි වල දිග පළල අනුව ඒ ඒ ස්ථානත් දී ඇති සෙයකි.

සමාජයට මතුපිටින් පෙනෙනා දේ සියල්ලම සත්‍ය නොවන බවත්, මිනිසෙකු විනිශ්චය කිරීමට තවත් මිනිසෙකුට කිසිදු අයිතියක් නොමැති බවත්, එම අයිතිය නොලබාම මිනිසුන් කරන විනිශ්චයන් හමුවේ මිනිසත්බව කෙලෙසී යන අපූරුවත් මෙම පර්‍යේෂණාත්මක කෘතියේ පේළි අතර පේළි තුළ වූ කතාවයි. ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ සියලු පැතිකඩයන් ඉතා සියුම්ව අනාවරණය කරමින් නිමවා ඇති මේ කෘතිය පාඨක පැසසුමට ලක්විය යුතු මෙන්ම පාඨකයන් කියවිය යුතුම කෘතියකි.

කතුවරයා තම කාර්‍යයෙහිලා සාර්ථක බවද විශේෂයෙන්ම කිවයුතුය.

– නයෝමි හේවාවසම් –

Additional information

Weight 0.3 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “කොළඹ ගණිකාවෝ – Colamba Ganikawo”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.