කොළපාට ඇස් | මගේ කුලුඳුල් පෙම්වතිය | egenumabooks.lk

කොළපාට ඇස් | මගේ කුලුඳුල් පෙම්වතිය

Weight 1 kg
Author

Publisher

SKU: B188 | B185

රු2,450.00

In Stock

කොළපාට ඇස් – රුපියල් 1400.00

මගේ කුලුඳුල් පෙම්වතිය – රුපියල් 1500.00

උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala

කොළපාට ඇස් – ආරතී දේවි මොහාන්දාස් | උපුල් ශාන්ත සන්නස්ගල

මගේ කුලුඳුල් පෙම්වතිය – උපුල් ශාන්ත සන්නස්ගල

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කොළපාට ඇස්

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

 

මගේ කුලුඳුල් පෙම්වතිය

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන

Additional information

Weight 1 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “කොළපාට ඇස් | මගේ කුලුඳුල් පෙම්වතිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.