සත්දෙනෙක් නම් රහසක් - Sathdenek Nam Rahasak | egenumabooks.lk

සත්දෙනෙක් නම් රහසක් – Sathdenek Nam Rahasak

Weight 0.65 kg
Author

Publisher

Pages

512

SKU: B391

රු1,800.00 රු1,440.00

Out of stock

Victoria Holt Seven for a Secret

සත්දෙනෙක් නම් රහසක් – Koshalee Sirichandra

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

වික්ටෝරියා හෝල්ට් විසින් රචනා කළ Seven for a Secret කෘතිය 1992 වසරේදී ප‍්‍රකාශයට පත්වූවකි. පාඨක අවධානය දිනා ගත් කෘතියක් වෙන මෙම නවකතාවද වික්ටෝරියා හෝල්ට්ගේ අනෙකුත් නවකතා සේම ගොතික් ආදර කතා සහ ඓතිහාසික ප‍්‍රබන්ධ යන ශානරවලට අයත් වේ. මෙම කතාවට පසුබිම් කරගෙන ඇත්තේ ප‍්‍රධාන වශයෙන්ම එංගලන්තයයි.

‘සත්දෙනෙක් නම් රහසක්’ යනුවෙන් මා සිංහල බසට පරිවර්තනය කළ මෙම කෘතියට එම නම ලැබී ඇත්තේ ඉංග‍්‍රීසි කවියකට අනුවයි. එය මෙම කතාවට බොහෝ සෙයින්ම වැදගත් වෙන කරුණකට සම්බන්ධයක් දක්වයි.
මෙම නවකතාව ඔබ හමුවේ දිග හරින්නේ ෆ්‍රෙඩරීකා හැමන්ඞ්ගේ කතාවයි. නවකතාවේ නමෙන් සපයන කුඩා ඉඟියට අනුකූලව මෙම කතාව ප‍්‍රධාන වශයෙන්ම ගලා යන්නේ එක්තරා රහසක් සහ එම රහස හේතුවෙන් නොයෙකුත් අයගේ ජීවිතවලට ඇති වෙන බලපෑම වටායි. ෆ්‍රෙඩරීකා එයට සම්බන්ධ වන්නේ කෙසේද, ඇයට එම රහස බලපෑමක් කරන්නේද, එම රහසට සම්බන්ධ වෙන, නොවෙන අයට මුුහුණ දීමට සිදුවෙන නොයෙකුත් අත්දැකීම් සහ ෆ්‍රෙඩරීකා මුහුණ දෙන ගැටලූ සහ ඇය ගන්නා ක‍්‍රියාමාර්ග ඔබට මෙම කතාව කියවීමෙන් දැන ගැනීමට ලැබෙනු ඇත.

සෑම විටම අන් අයට උපකාර කිරීමට සැදී පැහැදී සිටින ෆ්‍රෙඩරීකාත් සමග ඔබට ආදරණීය සෝෆී ලොකු අම්මා, උඩඟු ටැමරිස්ක්, සුන්දර රේචල්, අහංකාර ක‍්‍රිස්පින් වැනි චරිතද දැන හඳුනා ගැනීමට ලැබෙනු ඇත. මේ සියලූම දෙනා එකතු වී මෙම කතාව කුතුහලය සහ රසයක් දනවන කතාවක් බවට පත් කරති.

Additional information

Weight 0.65 kg
Author

Publisher

Pages

512

Reviews

There are no reviews yet.

Be the first to review “සත්දෙනෙක් නම් රහසක් – Sathdenek Nam Rahasak”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.