විවර්ත මාරුත – Viwartha Marutha
Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.බර්ඩ් Box – Bird Box
Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.දිරිය දරුවෝ – Diriya Daruwo
රු1,000.00 Original price was: රු1,000.00.රු900.00Current price is: රු900.00.
Description
සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.
“මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
“නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
“ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
“කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
“කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
“හොයමු.”
Additional information
| Weight | 0.31 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 219 |

Reviews
There are no reviews yet.