කන්දේ වීදිය – Kande Veediya
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.ප්‍රේම සැදෑවෝ – 4 | Prema Sandawo – 4
Original price was: රු1,600.00.රු1,360.00Current price is: රු1,360.00.හද සක් චාරිකා – Hada Sak Charika
රු1,750.00 Original price was: රු1,750.00.රු1,490.00Current price is: රු1,490.00.
Heart Chakra – Pramod Kandanarachchi | Sampath ( Sam ) Dissanayake
හද සක් චාරිකා – Hada Sak Charika
Description
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇඳුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන් වෙයි. කමිසවල වූයේ ප්‍රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි.
පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය.
ඉතා මිටි මිනිසකු හා රැඟුමේ යෙදෙන නිමල් ඔහු නෙත ගැටෙයි. ඒ මිටි මිනිසා ගැන ඔහුට ඇත්තේ වෙනත් ආත්මයක මතකයකි. වොවෝකා අජ්මාල් සමඟ රැඟුමේ යෙදෙනු දැක ඔහු මවිත වෙයි. රැවුල දිගට වවා සිටි ඔහුගේ හිසේ වූයේ තලප්පාවකි.
ඉන්පසු ඔහු නෙත ගැටෙන්නේ ප්රාතිහාර්යයකි.
ශක්තිමත් සිරුරකින් යුත් උස මිනිසකු අසාමාන්‍ය රැගුමක යෙදෙමින් නිමල් සහ ගුණේගෙන් මිදී ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි.
ඔව්. දැන් ඔහුට මිට්ටාගේ නම මතකය. එහෙත් ඔහුගේ අවධානයට ලක් වනුයේ හිස සහ අත් ඉහළට ඔසවමින් රැඟුමේ යෙදෙන ගුණේ වෙත නොව රාජාලියකුගේ රුවක් සහිත රතු සහ කහ පැහැති කමිසයකින් සැරසී දෑත් ඉදිරියට දිගු කරගෙන කිසියම් කෙනෙකු ග්‍රහණය කර ගැනීමට මෙන් රැඟුමේ යෙදෙන තම පියා ය.
Additional information
| Weight | 0.54 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 427 |

Reviews
There are no reviews yet.